Loading...

මන්ත්‍රී විශ්‍රාම වැටුප නැතුව ජීවත් වෙන්න බැරි නම් අස්වැසුම දෙන්නම් – අමාත්‍ය වසන්ත සමරසිංහ

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කළ විට ජීවත් වන්නට විදියක් නොමැති නම් අස්වැසුම ලබාදිය හැකි බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා සිය මුහුණු පොතේ සටහනක් තබමින් ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා ප්‍රසිද්ධියේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින්.

“මන්ත්‍රි විශ්‍රාම වැටුප අපි අහෝසි කරනවා. එ්‍ නිසා අපි කියන්නේ ජනතාවට තියන කාලෙට මේ ගොල්ලන්ටත් හම්බවෙයි. එහෙම නැතිව තම තමන්ට පනත් හදාගෙන ජනතාවට බර පටවන එක සාධාරණ නැ. ඒක අපි ඡන්දෙට කලිනුත් කිව්වා. ඒක අපි ක්‍රියාත්මක කරනවා.

ඒ නිසා කාටවත් මරාගෙන මැරෙන්න දෙයක් නෑ. පෙන්ෂන් එක අහිමි කලාට පස්සේ ජීවත් වෙන්න විදිහක් නැතිනම් අස්වැසුම දෙන්නම්. අස්වැසුමට ලියන්න. අස්වැසුමක් හදා ගත්තහැකි.“


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest