Loading...

විදෙස් මත්පැන් බෝතල් විනාශ කිරීමේදි පල් වතුර සහ තේ කහට වීම ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට තීරණය කරයි

පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග අනුව විනාශ කරන අවස්ථාවේ දී පල් වතුර සහ තේ කහට බවට පත් කළේ කවුරුන්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (01) කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නඩු බඩු කාමරයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් මෙලෙස රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට ද නියෝග කර තිබෙනවා.

පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අදාළ මත්පැන් තොගය විනාශ කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පසුගිය පෙබරවාරි 17 වනදා නියෝග කර තිබුණා.

මත්පැන් තොගය විනාශ කිරීමේ දී ඒවා සැබෑ මත්පැන් නොවන බව මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීමෙන් පසුව බෝතල්වලට නැවත සීල් තබා අධිකරණ නඩුබඩු කාමරයේ ගබඩා කරන ලෙසට නියෝග කරනු ලැබුවා.

මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත්තේ මත්පැන් තොගය පල් වතුර හා තේ වතුර බවට පත්කළේ කළේ කවුරුන්ද යන්න ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.

මේ අනුව අදාළ බෝතල් රජයේ රස පරීක්ෂකවරයාට වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස පොලීසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *