පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය මඟින් නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවා පෙර ඇප මත නිදහස් කිරීමට අද (29) එම අධිකරණය නියෝග කළා.
ඒ මාලදිවයිනේ සංචාරය නිමා කරමින් අද (29) උදෑසන දිවයිනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්රීවරයා මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුවයි.
2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවැති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම පිළිබඳව ඒ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
මෙම නඩුව ඊයේ (28) කැඳවූ අවස්ථාවේ දී මන්ත්රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය පොලීසියට නියෝගයක් නිකුත් කර තිබුණා.
එවැනි පසුබිමක නාමල් රාජපක්ෂ මහතා අද (29) මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.








Leave a Reply