ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මාලදිවයන් ජනාධිපති මොහමද් මයිසූ මහතාගේ ආරාධනයක් මත ලබන 30 වනදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරත වීමට නියමිත බවයි.
මෙම සංචාරය අතරවාරයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මාලදිවයිනේ ජනාධිපතිවරයා සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සහ දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට අදාළව 60 වැනි සංවස්තරය මෙම වසරේ දී සමරනු ලබන අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරය දෙරටටම වැදගත් වනු ඇති.
මෙම සංචාරය අතරවාරයේ දී ජනාධිපතිවරයා ව්‍යාපාරික සංසදයක් ඇමතීමට සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමට ද නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවා.
ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මේ සඳහා සභාභාගී වීමට නියමිතයි.








Leave a Reply