2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් ගණන ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා 1313232ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව සඳහන්.
ඒ අතරින් පුද්ගලයින් 269780ක් ඉන්දියාවෙන්ම, 124652ක් එක්සත් රාජධානියෙන් සහ 114644ක් රුසියාවෙන් පැමිණ ඇති බව වාර්තා වනවා.
මේ අතර ජුලි මාසයේ මේ දක්වා සංචාරකයින් 145188ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත පෙන්වා දෙනවා.
අදාළ දත්ත වාර්තාවට අනුව ඉන්දියාවෙන් සංචාරකයින් 27,786ක් පැමිණ ඇති අතර එය 19.1% කි.
ඊට අමතරව ජුලි මස එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 16750ක් නෙදර්ලන්තයෙන් පුද්ගලයින් 10,809 ක්, චීනයෙන් 5,904 ක් සහ ප්‍රංශ ජාතිකයින් 7,732ක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.








Leave a Reply