දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද (24) පෙරවරු 9.15ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණයේ අසල සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි.
කෙසේ වෙතත් වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සාහය ව්‍යාර්ථ වී ඇති බව සඳහන්.
අනතුරුව යතුරු පැදිකරු පලාගොස් ඇති බවද පොලීසිය පවසනවා.
වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයා සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකු බවට අනාවරණය වී ඇති අතර ඔහු දෙහිවල පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය සම්බන්ධ පැමිණිලි කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.







Leave a Reply