යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ විවාදය අද (24) පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
පසුගිය 22 වනදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ මෙම විවාදය පැවැත්වීම සම්බන්ධව යෝජනා වී තිබුණා.
ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (24) දින පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබූ අතර එම පනත් කෙටුම්පත පිළිබඳව තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් එය ඉදිරි දිනකදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වී තිබෙනවා.








Leave a Reply