Loading...

ජපුරේ ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය අල්ලස් කොමිසමේ නිලධාරියෙක්ට තර්ජනය කරලා

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂී සුරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට සහභාගී වී අධිකරණයෙන් පිටව යමි සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය මරණ තර්ජනය එල්ල කර ඇති බව වාර්තා වනවා.

කෙසෙල්වත්ත පොලීසිය පැවසුවේ අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනෙකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බවයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *