Loading...

තීරු බදු අනුපාත ගැන අද සිට ලිපි මඟින් එක් එක් රටවලට යවනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

තීරු බදු විරාමය ජුලි 9 වන දින අවසන් වීමට පෙර තම පරිපාලනය රටවල්වලට යටත්වන තීරු බදු අනුපාත සම්බන්ධව ලිපි යොමු කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව අද (04) සිට එම ලිපි යැවීම ආරම්භ කරන බවයි.

වියට්නාමය සමඟ බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ගිවිසුමකට අමතරව තවත් ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *