Loading...

ජනපතිගෙන් දෙමළ ඩයස්පෝරාවට ආරාධනයක්

මාන්කුලම්හි ආරම්භ කිරීමට යෝජිත කර්මාන්ත පුරයේ ආයෝජනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කර සිටිනවා.

ඔහු මෙම ආරාධනාව සිදු කළේ ඊයේ (26) පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පැවති ජනහමුවකදියි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයේදි දුරකථනයෙන් ඉල්ලුවේ ජනාධිපති පුතෙක්, පොහොට්ටුවෙන් ඉල්ලුවේ ජනාධිපති පුතෙක්, සිලින්ඩරෙන් ඉල්ලුවේ ජනාධිපති කෙනෙකුගේ බෑනෙක්, මම තඹුත්තේගම. ඒ අය හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා.

එමෙනම් ජනතාව මොකද්ද කළේ ? පළමු වරට හැදුවා මහජන මුදල් හොරකම් නොකරන ආණ්ඩුවක්. හොරකම් කරපු අයට මොකද කරන්නේ අහනවා. අනිවාර්යෙන්ම දඬුවම් ලබාදෙනවා. මේ වෙනකොටත් උතුරු – මැද හිටපු මහඇමති හිරේ, ඌවේ හිටපු මහඇමති රිමාන්ඩ්, නැ‍ගෙනහිර හිටපු මහඇමති රිමාන්ඩ්, තව හිටපු ඇමතිවරයෙක් හැංගිලා. හොඳයිනේ. හරියට වැඩේ කරනවා.

අපි නඩු දාලා තියෙනවා. හිටපු ජනපතිගේ ලොකු පුතාට එක නඩුවක් දැම්මා, දෙවැනි පුතාට නඩු දෙකක් දැම්මා, ආච්චිටත් එක නඩුවක් දැම්මා. පළමු වතාවට ආණ්ඩුවක් හදලා තියෙනවා තරාතිරම නොබලා කාටත් නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්. මැයි 6 වැනිදා මේ ආණ්ඩුවට තවත් විශාල හයියක් ලබාදෙන්න. ප්‍රාදේශීය සභා සියල්ල ජාතික ජන බලවේගයට භාරදෙන්න.ලෑස්තියිනේ… අපි දිනන්න ඕන. මේක ආපහු හැරෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ.

අපේ විශාල බලාපොරොත්තුනක් තියෙනවා මේ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා. ආණ්ඩුවේ පළමු කාලය තුළ ජාත්‍යන්තර තරගයක් පවත්වනවා. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා හැබැයි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධය නැති රටක් හදමු. අනන් ඒක තමයි ජාතික ජන බලවේගයේ වැඩේ. මේ ප්‍රදේශයේ හිටිය බොහෝ අය විදෙස්ගත වෙලා ඉන්නේ. ඔවුන්ට විශාල ආදායම් තියෙනවා. අපි ඒ සියලුදෙනාට ආරාධනා කරනවා එන්න ලංකාවට. ආයෝජනය කරන්න පටන්ගන්න. අපි මාන්කුලම්වල කර්මාන්ත පුරයක් ආරම්භ කරනවා ඒවට එන්න ආයෝජනය කරන්න. ඔබ කොහෝ හිටියත් මේක අපි ඉපදුන රට මේ රට හදන්න සහභාගි වෙන්න කියලා ඩයස්පෝරාවේ අයට කියනවා”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *