Loading...

කැනඩාවේ ඔටාවා හිදී ලාංකික පවුලක 6ක් මරුට

කැනඩාවේ ඔටාවා අගනුවර නිවසක් තුළ සිදුකළ කුඩා දරුවන් සිව් දෙනෙක් ඇතුළු ශ්‍රී ලාංකික පුද්ගලයින් හය දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තියුණු ආයුධයකින් සිදුකළ පහර දීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මව සහ ඇයගේ දරුවන් සිව් දෙනෙක් සහ එම නිවසේ ජීවත් වූ 40 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් මෙලෙස මියගොස් තිබෙනවා.

දරුවන්ගේ පියා බරපතළ තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව සඳහන් වනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 19 හැවිරිදි ෆේබ්‍රියන් ද සොයිසා නමැති කැනඩාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයෙකු බවයි ඔටාවා හි පොලිස් ප්‍රධානියා කියා සිටියේ.

කෙසේ වෙතත් ඝාතනයට හේතුව මේ දක්වා අනාවරණය වී නැහැ.

මෙම සිදුවීම පළමුවෙන් වෙඩි තැබීමක් ලෙස එරට ආරක්ෂක අංශ දක්වා තිබුණත් පසුව ප්‍රකාශ කළේ ආයුධයකින් ඝාතනය සිදුකර ඇති බවයි.

දශක තුනකට පසු ඔටාවා හි මෙවැනි ඝාතනයක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය වන බව ඔටාවා නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ කියා සිටියේ මෙම සිදුවීම දැක තමා දැඩි කම්පනයට පත්වන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *