අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ 28%ක් මන්ද පෝෂණයෙන් පෙලෙන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.
බ්‍රිතාන්‍යයේ ද ලැන්සෙට් සඟරාව පසුගියදා අනාවරණය කළේ මෙරට ගැහැණු ළමුන් හාරලක්ෂ දසදහසක් පමණ පෝෂණ ඌණතා හේතුවෙන් අඩු බරින් යුක්ත බවයි.
රටවල් සහ පරිපාලන ඒකක 200ක සෞඛ්‍ය දත්ත මත එම සඟරාව කළ සමීක්ෂණයට අනුව මෙරට පාසල් දරු දැරියන් 860000ක් පමණ වයසට සාපේක්ෂව අඩු බරින් යුක්ත බව අනාවරණය වී තිබෙනවා.
ඒ අතරින් වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් වයසේ පසුවන ගැහැණු ළමුන් 410000ක් පමණ අඩු බරින් යුක්ත වීමට හේතුව පෝෂණ ඌනතා බවයි එම සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ.
එය එම වයස් කාණ්ඩයේ සමස්ථ ගැහැණු දරුවන් අතරින් 16.4%ක ප්රතිශතයකි.
ලොව පුරා රටවල් සැලකීමේ දී මෙම ප්‍රතිශතය දෙවැනි වන්නේ ඉන්දියාවට පමණක් බවයි වාර්තා වන්නේ.
Leave a Reply