Loading...

2027 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන නොවැම්බර් මස 12 වැනිදා විශේෂ අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදිනම විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ද සිදුකෙරෙනවා.

අනතුරුව නොවැම්බර් 13 වනදා සිට 20 වනදා දක්වා දින 7ක් පුරා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි තීරණාත්මක ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

2027 අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර, එමගින් මෙවර අයවැය පාර්ලිමේන්තු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිතයි.

අයවැය විවාද පැවැත්වෙන මුළු කාලසීමාව තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලදී ද පාර්ලිමේන්තුව රැස්වීමට නියෝග කර තිබෙනවා.

එමෙන්ම, දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 60කත්, විපක්ෂයට සියයට 40කත් කාලයක් වෙන්කර ඇති අතර, කාරක සභා අවස්ථාවේදී එය ආණ්ඩු පක්ෂයට සියයට 40ක් සහ විපක්ෂයට සියයට 60ක් ලෙස වෙන්කිරීමට ද පාර්ලිමේන්තුව පියවර ගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *