Loading...

අකුරේගොඩ දී වූ ඝාතනය ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 10ක්

අකුරේගොඩ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් 10ක් යොදවා තිබෙනවා.

තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳව ඊයේ (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබුණා.

පොලීසිය ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණය කටයුතුවලට පෙනී සිටි පුද්ගලයෙකු බවයි.

තවද එම පුද්ගලයා සිය සේවාදායකයාගේ තොරතුරු ලොකු පැටී නම් අපරාධකරුට ලබාදීම හේතුවෙන් කරන්දෙණිය සුද්දා විසින්ම මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැකපළ කරනවා.

තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවලක් ඉලක්ක කර ඊයේ (13) සවස 5ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් T 56 වර්ගයේ ගිනි අවියකින් අදාළ වෙඩි තැබීම සිදු කර තිබුණා.

පොලීසිය පැවසුවේ වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර වෙඩික්කරුවන් පලා ගොස් තිබූ බවයි.

වෙඩි තැබීමෙන් මෝටර් රථයේ සිටි අඹුසැමි යුවල එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්වුණා.

පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතිඥවරයෙක් හා ඔහුගේ බිරිඳ මෙලෙස ඝාතනය වී තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *