Loading...

අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත් කරයි

හිටපු fox news නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු පත් කිරීම වෙනුවෙන් පැවැත්වූ සෙනට් සභා ඡන්ද විමසීමේ දී හෙග්සේට පක්ෂව මෙන්ම විපක්ෂව ඡන්ද 50ක් බැඟින් හිමිව ඇති බව සඳහන්.

මෙම අවස්ථාවේ දී අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ග්ස් විසින් හෙග්සෙත්ට පක්ෂව ප්‍රකාශ කළ ඡන්දය හේතුවෙන් ඔහුව එම ධුරයට පත්වූ බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අන්ත දක්ෂිණාන්තික කිතුණුවෙක් මෙන්ම ප්‍රකෝපකාරී පුද්ගලයෙකු ලෙස පැවසෙන පීටර් හෙග්සෙත් අදාළ ධුරයට නිර්දේශ කිරීම සම්බන්ධව ආරම්භයේ සිටම මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබුණා.

පීටර් හෙග්සේත් අමෙරිකාවේ හිටපු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු ද වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *