Loading...

සහිරා විද්‍යාලීය විභාග මධ්‍යස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලීය විභාග මධ්‍යස්ථානයේ දී ඊයේ (14) නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව එක් සිසුවෙකුගේ මවක් එම විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පහර දීම හේතුවෙන්.

අනුරාධපුර, ගම්බිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් කණ්ඩායමක් සහ අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අනුයුක්ත කර තිබු අතර එම විද්‍යාලයේ සහ සහිරා විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන තිබුණා.

පොලිසිය පවසන්නේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූ දින සිට මේ දක්වා මෙම දෙපරිස අතර නිරන්තරයෙන් බහින්බස්වීමක් සිදුව ඇති බවයි.

අනතුරුව එම බහින්බස් වීම පසුගිය 13 වනදා ගුටි බැට හුවමාරුවක් දක්වා දුර ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ (14) දිනයේ දී පාසල් පාසල් භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී එක් සිසුවෙකුගේ මවක් සිසුන් කිහිපදෙනෙකුට පහර දීමට ගොස් පරුෂ වචනයෙන් බැන වදිමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වනවා.

පසුව ගැටුමට මැදිහත් සිසුවාගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලීසිය දැඩි ලෙස අවවාද කර පොලිස් ඇප මත හැර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *