Loading...

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට යයි

සිය ඉල්ලීම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා.

එම කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා කියා සිටියේ විශ්ව විද්‍යාලය තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කරන සියළුම සේවාවලින් ඉවත් වීමේ ඒකමතිකව තීරණයකට එළැඹ ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ “විශේෂයෙන්ම ජලය හා විදුලිය සැපයීම අපි සම්පූර්ණයෙන්ම නතර කරනවා. ඒ වගේම අන්තර්ජාල පහසුකම් සැපයීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. මේ බිඳ වැටීම් එක්ක විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ දේවල් නතර වේවි.

ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ රසායනාගාර මට්ටමේ පවත්වාගෙන යන සාම්පල විනාශ වීම සම්බන්ධයෙන් වගකීම සම්පුර්ණයෙන්ම රජයේ බලධාරීන් දැරිය යුතුයි. මෙවැනි අපරාධයක් විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන්නේ, මේ රජයේ ක්‍රියාකලාපය නිසයි.

තවදුරටත් පාලනාධිකාරීය මඟහරිනවා නම් අපි ස්වෙච්ඡාවෙන් විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන සංවේදී කටයුතු ගැනත් නැවත හිතන්න.”

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ ළමුන්ගේ අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමු කර සේවයට පැමිණෙන ලෙස සියළුම සේවකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *