මෙරට මත්පැන් අදායමට සෘජුවම දායකත්වයක් දරන පලාත්වලින් ප්‍රමුඛත්වයක් ගෙන ඇත්තේ උතුරු පලාතය. දැන් දැන් මත්පැන් මිල ගණන් ඉහල යන්න යන්න මත් පැන් පානය අඩුවීම කෙසේ වුවද මේ මත්පැන් බීව උදවිය විකල්ප මත් වීමේ ඇබ්බැහී වීම්වලට නැඹුරු වීම දිනේන් දින වැඩි වී ඇති බවනම්
නොරහසකි. මිල අධිකව මත්පැන් වලින් වෙන මදන ගතියම අඩු මුදලකින්ද සිදු වීම නිසා දැන් දැන් උතුරේද බොහෝ පිරිස් විවිධ වූ අවධානම් සහගත මත්ද්‍රව්‍යන් වෙත ඇබ්බැහි වීමට අවධානයක් යොමු වී ඇති බවට උතුරේ සිවිල් සංවිධාන විසින් පෙන්වා දෙයි. මෙලෙස උතුරේ කරලියට ආ අඩු වියදමකින් පදමට මත් වන විශේෂයක් වී ඇත්තේ බෝතල් රාය. බෝතල්රා මිලෙන් රුපියල් 150 ත් 300 ත් අතර මිලකට බෝතලයක්ම උතුරේ විවිධ ස්ථනයන්ගෙන් මිලට
ගැනීමට අවස්ථාවක් ඇත. නමුත් මේ බෝතල් රා යනු තල් රා නොව තල් ආශ්‍රයෙන් වැඩිදියුණු කරන ලද පානයකි නමුත් බෝතල් රා නිශ්පාදනය කිරීමට තල් රා ද අවශ්‍ය වෙයි. තල් රා යනු උතුරට විශේෂ වූ වර්ගයකි. මෙය බොහෝ දෙනෙකු බෙහෙතක් වශයෙන්ද පාවිච්චියට ගනියි. එදා අපේ ගොවියෝ කුඹුරේ වැඩ කටයුතු සිදු කොට හවසට තල් ගසක් යටට ගොස් රා පොල්කට්ටක රස බලා ගෙදර ගියේ ශරීරයේ වෙහෙස මෙන්ම රෝගකාරකයන්ටද විසඳුමක් වශයෙනි. රා පොල්කට්ටට වැඩිය පානය කරන්නෙනම් ඇතම් අයට මදන ගතියක් දැනෙන හෙයින් ඇතම් බොහෝ අය මදන ගතිය වෙනුවෙන් පාවිච්චියට ගත්තේ තල් රා ය. පසුදා උදෑසන වන විට ශරීරයටද යම් සහනයක් ලැබිණ .
නාගරික වාණිජකරනයත් සමග අද වන විට සියල්ලක්ම වෙනස් වී ඇත. එදා තල් ගසට නැංග පුද්ගලයා බිමට බසින තුරු බොහෝ පිරිසක් බලා සිටියද අද ඒ පිරිස් ඉන්නේ වැඩි වශයෙන්ම තැබෑරුම්වලය. එදා පමණට මද ගතිය ඇතිව පුද්ගලයෙකු තම නිවසට ගියද අද වන විට යන්නේ බඩගාගෙනය. එහෙමත් නැත්තම් කාගෙවත් කරෙනි. ඒ තරමට පුද්ගල මනස විකෘති කිරීමට මේ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය සමත් වී ඇත. අද මත්පැන් ගන්නා පුද්ගලයෙකුට රට ලෝකේ පමණක් නොව තමන් කව්රුන්ද යන්න අමතක වෙන තරමට මනස විකෘති වන අයුරින් මත්පැන් දකින්නට ඇත. විවිධාකාර වූ මත්පැන් ගැන නොකිව්වද මේ ලියන්නට යන මත් පැන් වෙනත් වර්ගයක් ගැනය. එය බොහෝ සෙයින් උතුරෙන් දැකගන්නට ඇත. බෝතල් රා යනු තල් රා වලට වඩා වූ වෙනස්ම පානයකි. තල් රා යොදා ගනිමින් ඊට ඊස්ට් සමගින් විවිධ දේ එක්කොට තනා ගන්නා ලද මෙම රා විශේෂය උතුරේ බොහෝ රා විකිණුම් ස්ථාන වල විකිණීමට තිබේ.
වෙනදා තල් රා බොන්නට එන පුද්ගලයා තල් රා තිබියදීම බෝතල් රා පානය කරන්නේ රුපියල් 150 ක් 200 ක් පමණ වටින බෝතල් රා බෝතලයකින් අවශ්‍ය
මදන ගතිය ලැබෙන බැවින් තල් රා බෝතලයක්ද එම මුදලකටම ගතහොත් මදන ගතිය ඇති වීමට නම් බෝතල් දෙක තුනක්වත් බීමට සිදු වන නිසාත්ය. අද
තල් රාද පානය කරන්නෙ ශරීරයට බෙහෙතක් හැටියට නොව වෙරි වීමටය ඒ තරමට මිනිසුන්ගේ මනස විකෘත්ති වන අයුරින් අද සමාජය වෙනස් වී ඇත.
එමෙන්ම තල් ර අද වන විට විකිණීමට නොහැකිය . ගසෙන් බා ගස යට හිඳ එම ස්ථනයේදීම පානය කළ යුතුය. වෙනත් ස්ථානයකට රැගෙන යාම හෝ විකිණීම තහනම් වී ඇත.
නීත්‍යානුකූල මත්පැන්වල මිල ගණන් හදීසියේ ඉහල දැමීය. වෙනදා පානය කරන ප්‍රමාණය මිලට ගැනීමට නොහැකි වන මනිසුන් විවිධ වූ අත්හදා බැලීම් සිදු
කරමින් වෙරි වන්නට පුරුදු විය. එහි ප්‍රථිඵලයකි බෝතල් රා අඩු මුදලකින් වෙරි වීම මිස තමන්ට සිදුවන හානිය ගැන සිතන්නට උතුරේ ඉන්න මේ අයට
වෙලාවක් නොතිබින. එයට හේතුව ජීවන යුද්දය නිසාවෙන්ද විය හැකිය. එදා වේල ගැට ගසාගනනා මොවුන් බොතල් රා වලට ඇබ්බැහි වීම නිසා කාලයාගේ අවෑමෙන් බෝතල් රා වල ප්‍රථිඵලයක් වශයෙන් එදා වේලද මේ අයට අහිමි විය. පවුල් ප්‍රශ්න වැඩි විය. මේ පිළිබඳව බොහෝ දෙනෙකුට ගැටලුවක් වුවුද දැන් දැන් බොහෝ අයෙකුට අවබෝධයක් ලැබී ඇත්තේ මේ බෝතල් රා පානය කරන්නන්ගේ මනස විකෘත්ති වූවන් සේ හැසිරීම නිසාවෙනි.
උතුරේ කාන්තාවන් බෝතල් රා විරෝධය පාමින් වියරු වැටින. එය පසුගිය දිනක වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ පිහිටි බෝතල් රා විකුණුම් ස්ථානයකට කඩා වැදුනු කාන්තාවන් පිරිසක් මා විකිනුම් ස්ථානයේ සිටි පුද්ගලයින්ටද පහර දී එම ස්ථානයේ තිබුනු සියලුම බෝතල් රා විනාශ කරනු ලැබුවේ තම පවුල් ජීවිත
විනාශයට එය බව කියා පාමිනි. ඊට අමතරව කෘතිමව සකසන ලද මෙම බෝතල් රා පානය කිරීම නිසාවෙන් මන්නාරමේ බොහෝ පිරිසකට ලෙඩ රෝග මෙන්ම පවුල් ජීවිතයට බලපෑම් රැසක් එල්ල වී ඇති හෙයින් බෝතල් රා තහනම් කරන ලෙස ඉල්ලා මන්නාරම් අඩම්පන් වැසියන් පිරිසක්ද පසුගිය දිනක විරෝධතා පාගමනක නිරත වූහ. එහිදී විරෝධතාවයේ නිරත වූ කාන්තාවන් කියා සිටියේ ‘මේ වන විට කෘතිමව සකසන ලද රා පානයට විවිධ වූ මිනිස් සිරුරට අහිතකර විෂකාරකයන්
අඩංගු කිරීම හේතුවෙන් පුද්ගලයින් හඳුනා නොගත් රෝගයන් ඇතුලු විවිධ වූ රෝගයන්ට ගොදුරු වීම හේතුවෙන් පවුල් විශාල ප්‍රමාණයකගේ ජන
ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවටයි. එමෙන්ම බොහෝ පවුල්හි ගෘහමූලකයින් වූ සැමියන් මෙම බෝතල් රා පානය කිරීමෙන් පසුව දිනය පුරා සිහි මුර්ජා ස්වභාවකින් පෙලීම හේතුවෙන් ආර්ථිකයටද බලපෑමක් එල්ල වී ඇති අතරම කුඩා ළමුන්ද රා බීමට ඇබ්බැහී වීමෙන් පසුව මත්පැන් බීමටද ඇබ්බැහි වන බවට විරෝධතාවයේ නිරත කාන්තාවන් වැඩි දුරටත් කියා සිටියහ.
මේ අතර උතුරේ තල් රා මැදීමේ කර්යේ නිරත වූ අයෙකු කියා සිටියේ මෙවැන්නකි.
“උතුරේ කාලාන්තරයක් සිට කෙරෙන රා මැදීමේ වෘත්තියට දකුණේ සිට පැමිණෙන බෝතල් කළ රා බාධාවක් වෙලා තියනවා ඒක එක පැත්තකින් රා මැදපු අයගේ ආර්ථිකයටත් බලපානවා. අනිත් එක තමයි දකුණේ සිට ගෙන එනු ලබන බෝතල් රා වල කෘත්‍රිම රසායන ද්‍රව්‍ය අන්තර්ගතව තිබීම හේතුවෙන් ගතවූ කාලයේ එම රා පානය කළ පිරිස් විවිධ අසාත්මික තාවයන්ට ගොදුරු වී තිබෙනවා වගේම පවුල් දැඩි සේ අසරණ වෙලා මේ වෙන කොට උතුරු පළාත තුළ ස්වභාවික රා තොග ප්‍රමාණවත් පරිදි ඇති නිසා දකුණේ සිට හෝ වෙනත් ප්‍රදේශ වල සිට උතුරට ප්‍රවාහනය කෙරෙන රා වලින් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. මිනිස්සු රජයේ මත්පැන් අධික මිලක් නිසා හොර රහසේ නීතිවිරෝධී මත්පැන් (කසිප්පු වැනි දෑ) නිශ්පාදනය කිරීමට පසුගිය කාලයේ පෙළඹිලා හිටියත් ඒ පිරිස් පොලීසියට අහුවන නිසාම දැන් එයිනුත් බොහෝ පිරිසක් අයින් වෙලා බොහොම අඩු මුදලකට දෙන මේ බෝතල් රා වලට පෙළඹිලා. ඉක්මනින් වෙරිවෙන්න අඩු මුදලක් වැය කරන මේ අය දන්නේ නෑ එයාලගේ ජීවත වලට වෙන හානි මොනාද කියලත් මොකද ඒකෙනුත් විඳවන්නේ ගෙදර අයනේ”
කෙසේ හෝ යුද්දෙන් බෙරුනු මේ අය මත්රකුසාගෙන් බේරා ගැනීමටනම් විධිමත් වැඩපිළිවලක් දියත් කළ යුතුය. එසේ නොවන්නට යුද්දෙන් අසරණ වූවාට වඩා අන්ත අසරණව ජීවිතය නැති කරගන්නා කාලය දිනෙන් දිනම ලංවන බව කව්රුත් දැනගත යුතුය.
සටහන – රොමේෂ් මදුසංඛ
Leave a Reply