Loading...

උතුර සාගතෙන්

   උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කාර්යාලය මෙන්ම උතුරේ ස්වේච්ඡා සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධන මගින් සිදුකරන ලද සමීක්ෂණයන් මගින් පෙන්ව දෙන ආකාරයට උතුරු පලාතේ අධ්‍යාපනය ලබමින් සිටින පාසල් ළමුන්ගෙන් 30% ත් 45% ත් අතර ප්‍රමාණයක්ද ගර්බනී මව්වරුන්ගෙන් 30% ත් 40% ත් අතර ප්‍රමානයක්ම මේ වන විට මන්ද පෝෂණයෙන් පෙලෙන බවට තොරතුරු අණාවරණය වී ඇති බවටය.

උතුර යනු මානුෂීය මෙහෙයුම වසර 30 කට අධික කාලයක පැවතී සාමය උදාවීමෙන් අනතුරුව වසර  කිහිපයක්ම නැවත පදිංචි කරවීම් සිදුකොට අලුතින් ජීවන තත්වය නංවලීමට වැරදරන පලාතක් ලෙසිනි.නමුත් වත්මන් ආර්ථික රටාවත් සමග උතුරේ ජනතාව දැන් දැන් ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින වටපිටාවක ඇතම් අය රට අතහැර මුහුදු මගින් ඉන්දියාවටද යාමට උත්සහ ගනිමින් සිටින්නේ කන්න බොන්න විදිහක් උතුරේ නැති බව පවසමිනි.

පසුගිය වසරකට ආසන්න කාලයක් තුලදී උතුරු මුහුද හරහා ඉන්දියාවට ගොස් එහි සරණගත කඳවුරු තුල 100 කට අධික පිරිසක් සරණාගතභාවය යුද සමයේදී මෙන් නැවත වරක් ඔවුන් රැගෙන ඇති අතරම ඒහි යන බහුතරය ඇත්තේ සරණාගත කඳවුරේදී තමන්ට අහර ටික හෝ ලැබන බවටත් ලංකාවේ උතුරු පලාතේ ජීවත්වූ අවසන් වකවානුවේදී තමන්ට අහර සොයා ගැනීමටද දැඩි වෙහෙසක් මහන්සියක් දැරීමට සිදුවූ බවටය.

මෙලෙස අනවසරයෙන් මුහුදු මර්ගයෙන් ඉන්දියාවේ සරණාගත බාවය ලබාගැනීම සඳහා මුහුදු යාත්‍රා මගින් යාමට උත්සහ දැරූ 500 කට අධික පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට පත් වුනු බවටද නාවික හමුදා වර්ථා මගින් පෙන්වා දෙයි.

යුද්දයෙන් පසුව නැවත පදිංචියට ගිය තමන්ට සුලුවෙන් හෝ යමක් කමක් සොයා ජීවත් වීමට අවස්ථාව උදා වූ බවටත් පසුව ඇති වූ කොරෝනා රැල්ලත් ඉන් පසුව අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලු සෑම ද්‍රව්‍යකම මිල ඉහිලිය නොහැකි අයුරින් වැඩිවීමත් නිසාවෙන් තමන්ට ජීවත් වීමේ යුද්ධයට මුහුණ දීමට නොහැකි වූ බවට ඉන්දියාවට යාමට උත්සහ දැරූ සහ සරණගත බාවය ලබාගත් පිරිස් ආරක්ෂක අංශ හමුවේ පවසා තිබුණි.

මෙම තත්වය යුද්දය පැවති සමයටත් එහා ගිය අවධානමක් බවට විද්වත්තු ප්‍රකාශ කරන්නේ අහාර අහේනිය ආර්ථිකය ශක්තිමත් නොවීම මගින් සමස්ථ රටටම එය බලපාන බවටය. ආර්ථික අර්බුදය උත්සන්න වීම මගින් ආහාර අහේනියක් ඇතිවීමේදී එය වැඩි වශයෙන්ම කුඩා ළමුන් කෙරෙහි බලපාන බවටත් එය ඉදිරි අනාගතයටද දැඩිව බලපන බැවින් මන්දපෝෂණයන් වැනි තත්වයන් කඩිනමින් විසඳාගත යුතු බවටද උතුරේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙති. මෙම මන්දපෝෂණ තත්වය වැඩි වශයෙන්ම දක්නට ඇත්තේ කිලිනොච්චි හා මුලතිව් යන දිස්ත‍්‍රීක්යන්ගේ නැවත පදිංචි වූ වැසියන්ගෙන් වන අතර මෙම රෝගී තත්වයන්ට බලපාන සාධක රුසක් මෙම සමික්‍ෂණයේදි සොයාගෙන ඇත.

පළමුව මෙම ගැටලුවට මුහුණපා සිටින සෑම පාසල් දරුවෙකුම දිනකට වේල් දෙකක් හෝ එකක් පමණක් ආහාර ගැනීමක් සිදුවන බවත් එසේ වීමට සිදුව ඇත්තේ යුද්දයෙන් පසුව එම පලාත්වල වැසියන් නැවත පදිංචි වුවද එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යාමට තරම් වූ ආර්ථිකයක් නොමැති විමත් යුද සමයේ සිදුවූ විවිධ වූ මානසික පීඩනයන් හේතුවෙන් මෙම තත්වය බලපා ඇත.

එමනේම උතුරු පලාත තුල සිටින ගර්භනී මව් වරුන්ද මෙලසින් මන්දපෝෂණ තත්වයට පත්ව ඇත්තේ ගර්භනී තත්වයට පත්වූ දා සිට නියමිත සෞඛ්‍ය පිිලිවෙත් අනුගමනය නොකිරීම එමෙන්ම ගර්භනී මව්වරුන් වෙනුවෙන් නියමිත පොෂ්‍යදායි අහාර නොගැන ම හා එවැනී ආහාර ගැනීඹට තරම් ආරථිකයක් නොමැති වීම මෙන්ම ඔවුුන්ටද යුද සමයේදී ඇති වූ යම් චිත්ත පිඩාවන්ද මෙම තත්වයන්ට බලපා තිබෙනවා.

මේ පිළිබඳව කිලිනොච්චියේ සිවිල් සංවිධානයක් නියොජිතයෙකු වූ එන්.ආනන්දරාසා කියා සිටියේ,  

”මේ පලාත්වල ප‍්‍රධාන පාසල් තුන හතරක් හැරෙන්නට වැඩිපුර තිබෙන්නේ දුෂ්කර පාසල් මේක කිලිනොච්චියේ විතරක් නෙමෙයි බලපාල තියෙන්නේ වව්නියාවට මන්නාරමට මුලතිව් වලටත් බලපාල තියනවා. පාසල් දරුවෙක් උදෙම පාසලට එන්නේ මොකක් හරි අකුරක් ඉගෙන  ගන්න නමුත් ඒ අකුර ඉගෙන ගන්න  ඕනත් බඩගින්නේ මේ ගැටලූව පොඩි දරුවන්ට විතරක් බලපාපු දෙයක් නෙමෙයි සාමාන්‍ය පෙළ හා අසස් පෙළ දක්වා බලපාපු දෙයක්. මොකද උතුරු ප‍්‍රදේශයේ ලක්‍ෂ 3කට අධික පිරිසක් යුද්දෙන් බැට කාපු පිරිසක් ඉන්නේ නැවත ඔවුන් මුල් ගම්  බම් වල පදිංචි වෙලා ඉන්නේ ඇඳිවත සමග පමණයි..

ළමයි ඉල්ලන විදිහට දෙමාපියන්ට දෙන්න මුදල් නැහැ එදා වේල ගැට ගහගන්නේ දහදුක් විඳලා බොහෝ දෙනෙක් දෑතේ වීර්යෙන් තමයි තමන්ගේ දරුදැරියන්ට කන්න දෙන්නෙ නමුත් පවුලක ප‍්‍රධානියා හදීසියේ රෝගාතුර වුනොත් මෙ පවුල් බඩගින්නේ එහෙම පවුල් වල දරුවන් පාසල් වලට ඇවිත් බඩගින්නේ ක්ලාන්ත වෙලා පංති කාමරය තුලම වැටිලා තියෙන වාර අනන්තයිඇතම් පාසල් වලනම් දිවා ආහාර වේලක් දෙනවා එකනම් ලොකු පිනක් ඇත්තටම නමුත් ඇතම් දරුවන්ට දවසටම ඒ දිවා අහාරයෙන් විතරක් සෑහෙන්න වෙන අවස්ථාත් නැතුවම නෙමෙයි මේ දෙවල් වලට සෘජුවම බලපෑවේ යුද්දය යුද්දය අපේ හැම දෙයක්ම උදුරගත්තා ඇතම් වැසියේ අදටත් පැල්පත් වල ජීවත් වෙන්නේ දහදුක් විඳගෙන ඉතින් මේ අයට කොහොමද පෝෂ්‍යදායි අහාර වේලක් ලැබෙන්නේ මේක හැදෙන්න නම් තව අවුරුදු ගානක් යනවා එතකොට හැබයි අනාගතය බාර ගන්න ඉන්න බොහො දරු ැරියන් පිරිසක් මේ මන්දපෝෂණ වගේ විවිධ වූ රෝගකාරකයන්ට බිලිවෙලා හමාරයි මේ දරු දැරියන්ගේ අධ්‍යාපන කාල සීමාව හෝ බේරා ගැනීමට අදාල බලධාරීන් මැදිහත් වෙනවනම් එක ලොකු දෙයක් ”

අනතුරුව වව්නියාව ගර්භනී මවක් වූ කේ.කමලේස්වරී කියා සිටියේ මෙවැන්නකි.

” යුද්දෙ නිසා අපි නොවිඳපු දුකක් නැතුව ඇති යුද්දෙන් පස්සේ වව්නියාවේ අනාථ කඳවුරු වල ඉඳන් අපි නැවත පදිංචියට ආවත් අතේ සත පහක්වත් තිබුනේ නැහැ මගේ මහත්තයගේ දෑතේ වීර්යෙන් තමයි මෙහෙම හරි පැල් කොටයක් අටවන් ඉන්නේ යුද්දෙ ඉවර වෙලා අවුරුදු 5ක් ගත වෙලත් අපිට ස්ථීර නිවසක් ලැබුනෙ නැහැ. දැන්නම් නිවසක් තියනවා මේ වෙන කොට මට අවුරුදු දෙකක දරුවෙක් ඉන්නවා නමුත් මේ දරුවට හරියකට කන්න දෙන්න දෙයක් නැහැ රසට පෝෂණීය කෑම වේලක් දුන්නු කාලයක් මතක නැහැ මේ දරුවා හම්බ වෙන්න ඉන්න කොට මට හරියට කෑමක් බිමක් නොතිබුනු  නිසා මට නොයෙකුත් ලෙඩ හැදුනා නමුත් මොනව කරන්නද අපිට පිහිට වෙන්න කෙනෙක් නැහැ කිසිම අධාරයක් නැහැ මේ දරුවන් වෙුනුවෙන්වත් කවුරු හරි පිහිට වෙනවනම් එහෙම නැති වුනොත් මේ දරුවටත් ඉස්සරහට මන්ද පෝෂණය තමයි මේ දුක කාට කියලා කියන්නද දෙවියන් හැරෙන්නට”

මෙම ගැටලූව පිළිබඳව කිලිනොච්චියේ පිහිටි කාන්තා සංවිධානයක නියෝජිත වරියක් පවසා සිටියේ,

මෙලෙස මන්දපෝෂණ තත්වය වසරින් වසර උතුරු ප‍්‍රදේශයේ වැඩි වී ඇති අතරම මන්දපෝෂණ තත්වය ඇති වීමට හේතූන් වශයෙන් පෙන්වා දෙන්නේ රුධිරයේ ඇති රතු ශෛල ප‍්‍රමාණය අඩුකම වයසට සමානුපාතිකව උස සහ බර නොමැතිකම මෙම රෝගීන් අතර දක්නට ලැබෙන ප‍්‍රධානම රෝග ලක්‍ෂණයන් වන බවට පෙන්වා දෙයි . එමෙන්ම උතුරු පලාත තුල මෙවැනි තත්වයක් ඇති විමට ප‍්‍රධාන හේතු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හඳුනාගෙන ඇත්තේ වසර 30ක් පුරාවට උතුරු ප‍්‍රදේශයේ යුද්දයක් පැවතීම හේතුවෙන් එම වැසියන්ට පෝෂ්‍යදායි ආහාර නොලැබීමත් යුද ගැටුම් වලින් අනතුරුවද නැවත පදිංචි වූ ජනතාවට අර්ථිකය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම, විරැකියාව, මානුෂීය මෙහෙයුම පැවති සමයේ දෙමාපියන් ඥාති සොහොයුරනන් හා හිත මිතුරන්ගේ ජීවිත හානි වන අන්දම සියසින් දැකීම හා යුද මානසිකත්වය ඔවුන්ගේ සිත්වලින් ඉවත් වීමට තරම් වූ සුව පහසු දිවියක් නොගෙවීම මෙන්ම දේපල හානි දෑ පිළිබඳව එම වැසියන්ට ඇති මානසික පීඩන තත්වයන් හේතුවෙන් බවටද ඒම ස්වේච්ඡා සංවිධානය වැඩි දුරටත් පෙන්වා දෙයි. 

උතුරේ වැසියන්ට යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යන ආකාරය පිලීබඳව ඇති අල්ප දැනුමද මෙම මන්ද පෝෂණ තත්වයට බලපා ඇති තවත් කාරණයක් වන අතර උතුරු පලාතේ මෙම මන්ද පෝෂණ තත්වය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ද සහය ලබාගෙන රාජ්‍ය මෙන්ම රාජ්‍ය නෙවන සංවිධන මගින්ද  විශේෂ වැඩපිළිවලක් ආරම්භ කරන්නේනම් මන්ද පෝෂණය උතුරෙන් තුරන් කිරීමට හැකිවෙද්දී යුද මානසිකත්වයද ඉබේම තුරන් වනු ඇත.

සටහන –   රොමේෂ් මධුෂංඛ


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *