වවුනියාව දිස්ත්‍රීක්කයට අයත් නොච්චිකුලම ගම්මානය ශ්‍රී ලංකාවේ අනෙකුත් ගම්මාන වලින් වෙනස්ය. ඒ මෙරට වෙසෙන අන්තික ජනතාවක් වන තෙලිගු නැතහොත් පොදු ව්‍යවහාරයේදී අහිකුණ්ඨක නමින් හැදින්වෙන ජනතාවක් ජීවත් වන මෙම ප්‍රදේශයේ පිහිටි එකම ගම මෙය නිසාය. තවත් ප්‍රදේශ කීපයක මෙම ජනතාව ජීවත් වුවද ඔවුන්ටම කියා වෙන්වු ගම් ඇත්තේ කීපයක් පමණි.
වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත වලට හැටියට මෙම ගම්මානය එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉරට්ටපෙරියකුලම ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටි ගමකි. තවද මෙම ගමේ පවුල් 86 ක් පදිංචිය. ලියාපදිංචි ඡන්ද දායකයින් ගණන 156 කි . මෙම 156 කගේ ඡන්දය ඇතැම් මැතිවරණයකදී තීරණාත්මක සාධකයක් විය හැක. එහෙත් මෙම පිරිසට මැතිවරණ ක්‍රියාදාමයට තමන් සම්බන්ධ විම පිලිබද අවබෝධයක්වත් උද්යෝගයක් වත් නැත.
මැතිවරණ ගැන ඔවුන් දක්වන ආකල්ප ගැන ගමේ වරිගසභාවේ නායකත්වය දරන මුනියන්ඩිගේ සුරංග මහතාගෙන් අප විමසුවෙමු.
” අපේ වැඩි දෙනා ඡන්දය දාන්න යන්නෙත් නෑ. ඡන්දය දැම්මා කියලා අපිට ඇති ඵලයකුත් නෑ. ඡන්දේ ඉල්ලන අය අපේ ප්‍රශ්ණ ගැන දන්නෙත් නෑ. දැනගන්න ඒ ගොල්ලන්ට උවමනාවකුත් නෑ. එහෙම බැලුවම අපි ඇයි ඡන්දේ දෙන්නේ? ඒ නිසා මිට කලින් වගේම ඉස්සරහට තියෙන ඡන්ද වලදිත් අපේ රස්සාවේ වැඩ කැප කරලා ඡන්දේ දෙන්න අපිට උවමනාවක් නෑ. රස්සාව එක දවසකට නැති කරගෙන අපිට වැඩක් නැති ඡන්දයක් දාන්න කරදර වෙන්නේ මොකටද? අපේ රස්සාවට කරදරයක් නැති විදියට ඡන්දේ දාන්න තිබුනොත් අපිට ඒ ගැන හිතලා බලන්න පුළුවන් ”
එපමණක් නොවේ මැතිවරණ ගැන ඔවුන්ගේ ඇති අනවබොධයද වරිගසභාවේ නායකයාගේ කථාවෙන් පෙනී ගියේය. “දැන් බලන්න මට අකුර ලියන්න කියන්න බෑ. එහෙවු කොට මට ඡන්දය දාන්න පුළුවන්ද? “ යනුවෙන් ඔහු කියා සිටි.
ඡන්ද අපේක්ෂකයන් නොදන්නා මෙන්ම ඔවුනට අවේණික ප්‍රශ්ණ මොනවාදැයි අපට දැන ගැනීමට අවශ්‍ය විය. අප සමග කථා කළ පවුල් පහක උදවිය කියා සිටියේ මෙවන් කරුණකි. තමන් සංචාරක ජීවිතයක් ගත කරන පිරිසක් වන බැවින් තමන්ගේ ඒ සංස්කෘතික අනන්‍යතාවය රැක ගනිමින් මැතිවරණ පොදු කටයුතු වලට සහභාගී විමට තමන්ට අවස්ථාවක් නොමැති බවයි. තමන් බඩ ගෝස්තරය සොයා ගන්නා ජිවන රටාව වෙනස් කරමින් එක දවසක් මැතිවරණය වෙනුවෙන් කැප කිරීමට තමන්ට උවමනාවක් නැති බවත් ඒ නිසා තමන්ගේ ජීවන චර්යාව රැකගන්නා අතරම ඡන්දය ප්‍රකාශ කිරීමට අවහ්‍ය වටපිටාව සකස් කර දෙන ලෙස ඔවුහු ඉල්ලති.
වර්ථමාන නීතී රීති අනුව තෙලිගු නොහොත් අහිකුණ්ඨක ජනතාව මුහුණපාන ගැටළු විස්තර කරමින් තවදුරටත් වරිග සභා නායකයා මෙසේ කියා සිටියේය. තමන්ගේ සංස්කෘතියට අනුව සෑම අහිකුණ්ඨකයෙකු සතුවම නාගයින්, පිඹුරන් වැනි සතුන් සිටිය යුතු නමුත් වනජීවි පනත අනුව දැන් දැන් ඊට බාධක පැමිණෙන බව ඔවුන් පවසයි. තවද තමන්ගේ ජීවිකාව කර ගැනීමට කටයුතු කළ යුත්තේ සෙනග ගැවසෙන ස්ථාන වල වුවද එබදු ස්ථාන වල සරපයින් ප්‍රදර්ශණය කරනවාට ඇතැමුන් විරුද්ධත්වය දක්වන බවයි.
අත බලා සාස්තර කීම හා නයි නැටවිම වැනි කටයුතු වල ඔවුන්ගෙන් එක් පිරිසක් නියැලෙද්දී තරුණ පිරිස් පොත් හා වෙනත් භාණ්ඩ අලෙවිය සදහා රට පුරා බස් රථ වලට ගොඩ විමේ කටයුත්ත සිදු කරන බවත් විවිධ ආගමික උත්සවවලට සහභාගී වී වෙළහෙලදාම් තවත් කණ්ඩායමක් සිදු කරණු ලබන බවත් අපිට මෙහිදී දැනගත හැකි විය. රට පුරා බස් රථ වලට ගොඩවි පොත් පත් හා වෙනත් බඩු භාණ්ඩ අලෙවි කරණු ලබන වැඩිදෙනා තොලිගු ජනතාව යන්න මේ වනතෙක් අනාවරණය නොවු කරුණකි.
වරිග නායකයාගේ අදහස් වලින් පමණක් සෑහීමකට පත් නොවු අප මේ පිළිබද තොරතුරු වැඩිදුරටත් ගවේෂණය කිරීමට ඒ ගමේ පවුල් 15 ක නියැදියක් තෝරාගෙන ප්‍රශ්ණ මාළාවක් ඔවුන්ට යොමු කලෙමු. එහිදී සදහන් කෙරුනේ සිදු කරණු ලබන රැකියාවෙන් දිනක නිවාඩු ලබා ගත නොහැකි නිසා එය කැප කර ඡන්දයක් දීමට ඔවුනට උනන්දුවක් නොමැති බව ඒ සියළු දෙනාගේ මතය විය. මෙම ගම්මානයේ ඡන්ද දායකයින් 156 කු සිටියත් ඔවුන් ඡන්දය භාවිත කිරීමට නොපැමිණෙන බව දන්නා නිසාදෝ ඡන්ද අපේක්ෂකයින් මේ ගමේ ඡන්ද දායකයින් හමුවට පැමිණෙන්නේ නැත. මේ අන්දමට ගත් කල ප්‍රාදේශිය මැතිවරණයකදී ඡන්ද 156 ක් වැදගත් වුවද ඡන්ද දායකයින් ඡන්ද පොලට අද්දා ගැනීමට සිදු කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් දකින්නට නැත.
අප වරිග සභාවේ නායකයා හුමුවු දිනයේදීද ගමේ පවුල් 15 ක් සමග සමික්ෂණය කළ දිනයේදීද ගමේ රැදී සිටියේ ටික දෙනකු පමණි. ඔවුන් වැඩි දෙනා එදිනෙදා බඩ ගොස්තරය සොයා ගැනීම සදහා පිටත්ව ගොසිනි. ඒ නිසා මෙම පිරිස ඡන්දය භාවිත කිරීමට ගෙන්වා ගැනීමට නම් දැනට සිදු වන ක්‍රියා පටිපාටියේ වෙනසක් සිදුවිය යුතු බව පෙනී යයි. මන්ද අපේ රටේ ජනතාවගේ ස්ථරයක් නියෝජනය කරන ඔවුන්ගේ මතයද මැතිවරණයකදී නියෝජනය විය යුතු බැවිනි.
අප එහි ගිය දෙවන දිනයේදී රැකියාව සදහා පිටත්ව ගොස් නොසිටි එගටන්නාගේ අනවත්තු මහතා විශාල නාගයින් දෙදෙනකු හා පිඹුරෙකු අපට පෙන්වා දෙමින් කියා සිටියේ ඒ තමන්ගේ ජීවිකාව උපයා දෙන සුරතලූන් බවයි. සර්පයන් හා ඔවුන්ගේ ජීවිතය බැදී ඇති අකාරය ඉන් මොනවට පෙනී යයි. පවුල් 15 න් අදහස් විමසීමේදී හෙලිවු කරුණුද වරිග සභාවේ නායකයා කී දෙයට අනවත්තු මහතාගේ අදහස් වෙනස්වුයේ නැත. අපි ඡන්දයට ලියාපදිංචි වෙලයි ඉන්නේ. ඒත් චන්දයක් අපිට අවශ්‍ය දෙයක් නෙවෙයි. කවුරු හරි අපිට යන්න එන්න වාහනයක් දාලා තිබුනොත් අපි යනවා. නැත්තම් නෑ. මේ අවුරුද්දේ ඡන්දේ තිබ්බයි කියලා අපිට ස්ථිර වශයෙන් කියන්න බෑ අපි ඡන්දේ දානවා කියලා. අන්තිමට තිබුණ ඡන්දෙදි අපි වැඩි දෙනෙක් ඡන්දේ දුන්නේ නෑ. ඡන්දේ දන්න ගියොත් අපිට ආදායමක් නෑ. එතකොට අපිට කන්න බොන්න ආදායම හොයලා දෙන මේ සත්තුන්ට වත් අපිට කන්න බොන්න දෙන්න විදියක් නෑ. ඔය ඡන්දේ ඉල්ලන මහත්තුරු පංගුවක් ඒ ගැන දන්නෙත් නෑ. ඉතින් ඒ ගොල්ලන්ට ඒ ගැන දැනගන්න වුවමනාවකුත් නෑ.
උදා වී ඇත්තේ මැතිවරණ සමයකි. රටේ හැමතනම කථා වෙන්නේ ඉදිරියේදී එලබෙන ජනාදිපතිවරණය හා මහා මැතිවරණය ගැනයි. එහෙත් ඡන්දයකදී බලපෑමක් කල හැකි ඡන්ද ප්‍රමාණයක් හිමි ගම්මානයක ජනතාව තුළ මැතිවරණය පිළිබද ඇත්තේ උදාසීන හැගීමකි. මේ ජනතාවට සිය රැකියාව අතනොහැර ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇතිද යන්න පිළිබද මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතාගෙන් විමසුවෙමු. “අපි මේ වගේ ජනතාවගේ ඡන්ද අයිතිය ගැන හිතලාකටයුතු කරලා තියෙනවා. ඒ අනුව අපි මේ ජනතාව වසරේ වැඩිම කාළයක් ජීවත්වන තබුත්තේගම වැනි ප්‍රදේශ වල මේ අයට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලස්වලා තියෙනවා. ඒ වාගේම මේ ජනතාව බහුතරයක් ජීවත් වන වෙනත් තැන් වලත් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වටපිටාව සකස් කරලයි තියෙන්නේ. කෙටියෙන්ම කියනවනම් ලංකාවේ ආන්තික ජනතාවට අපි ඡන්ද අයිතිය දීලයි තියෙන්නේ. ඉදිරියටත් අපේ පාර්ෂවයෙන් එහෙම කෙරෙනවා. ඡන්දයට ඔවුන් ලියාපදිංචි කර ඇති බව ඇත්තය. එහෙත් ඡන්දය භාවිත කිරීමට ඔවුන්ට උනන්දුවක් නැති කම ගැන දේශපාලනඥයින්ට වත් නිලදාරින්ටවත් හරි හැටි තේරුමකුත් නැත. රටේ එක් ජනවර්ගයක් ඡන්දය භාවිත නොකර සිටියදී මැතිවරණ ඡන්ද අයිතිය හා ප්‍රජාතත්ත්‍රවාදය ගැන කථා කිරීමද ඒ අතරේ සිදුවේ ”
මේ රටේ මැතිවරණ වලදී ඡනදය භාවිත කර පත් කර යවන නියෝජිතයින්ගෙන් තමන්ට ඵලක් නොමැති බව රටේ ඉතා වැඩි දෙනා කියන කථාවයි. ඒ පිළිබදව සබුද්ධිකව ඔවුන් ඡන්දය දාන්න ඡන්ද පොලට යති. එසේ තිබියදී බහුතරයක් ලියන්න කියන්න නොදන්නා ජන වර්ගයක් ඡන්දය තමන්ට වැඩක් නොමැති බව කියා ඡන්ද පොලට නොයති.
සටහන – ප්‍රදීප් ප්‍රසන්න
Leave a Reply