Loading...

සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි හදිස්සිය

තත්ත්වයෙන් බාල ඖෂධ,  ශල්‍ය හා රසායනාගාර  ද්‍රව්‍ය හා එන්නත්  වලින්  සෞඛ්‍ය අමාත්‍යංශය කප්ගසා ඇත්තේය.. සෞඛ්‍ය අමාත්‍යංශය විසින්   2022/2023 යන වර්ෂයන්හිදි වෛද්‍ය සැපයුම් සම්බන්දයෙන් සිදුකළ  හදිසි මිලදි ගැනිම් ක්‍රියාවලිය තුල දි  වංචා හා දුෂණ රැසක් සිදුවි ඇති බව විගණනය  මගින් අනාවරණය කොට තිබුණි. ඖෂධ ජාවාරම්කරුවන් අහිංසක රොගින්ගේ ජිවිත ගැන තුට්ටුවකටවත්  මායිම්කොට නොතිබුණි. ඉන්දියානු  ණය යෝජනා ක්‍රමය යටතේ  ඇමරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රතිපාදන  සෞඛ්‍ය අංශය වෙත ලැබි තිබුණි. මුදල් අමාත්‍යංශය විසින් මෙම හදිසි මිලදි ගැනිම සදහා  අනුගමනය කිරිමට ලිහිල් කොන්දේසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුකොට තිබුණි.

 මෙකි යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින්  ව්‍යාජ ලේඛණ සකස්කර  රජයේ රෝහල් සදහා  බෙදාහැර තිබු  ස්නායු  රෝගින් සදහා භාවිතා කරණ ඉම්යුනෝග්ලොබින්  සහ  පිලිකා රෝගින් සදහා භාවිතා කරණ  රිටොක්සි මැප් නැමති ප්‍රමිතියෙන් තොර  ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරිරයකට  ළං කිරිමටත් සුදුසුනැති බව ඒ සම්බන්දයෙන් සොයාබැලිම සදහා පත්කළ විශේෂඥ කමිටුව වාර්තා කොට තිබුණි.

 එමෙන්ම  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිමටත් පෙර ඉන්දියාණු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ බවසදහන් කරමින් ඖෂධ ආනයනය කොට තිබුණි. මිලදිගත් ඖෂධ අයිතම් 285 තුල අත්‍යවශ්‍ය නොවන ඖෂධ අයිතම් ද ඇතුලත් කර තිබුණි.ඒ විතරක් නොව ඇතැම් පිළිකා විශේෂිත ඖෂධ ඇගයිම් සදහා තාක්ෂණික දැනුම ඇති ප්‍රවිණයකු පත්කර නොතිබුණි. ඖෂධවල ගුණාත්මකභාවය  පිළිබද කිසිදු සලකාබැලිමක් සිදුකොට නොතිබු  බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 ලංසු ඉදිරිපත් කළ බොහොමයක් සැපයුම්කරුවන්ට  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  වලංගු ලියාපදිංචි සහතික නොතිබුණි. ඖෂධ ප්‍රසම්පාදනයේ දි ගුණාත්මක ඖෂධයක්ද යන්න සහතික කරණු ලබන ඖෂධ අධිකාරියේ ලියාපදිංචි සහතිකයේ අනිවාර්ය අවශ්‍යතාවය නොසලකා හැරතිබුණි. ඒ විතරක් නොව තාක්ෂණික  ඇගයිම්කමිටු පත් නොකිරිමට, තාක්ෂණික ප්‍රවිණයන්ගේ උපදෙස් ලබා නොගැනිමටත් කටයුතු කර තිබුණි.  මෙවන් පසුබිමක් තුල  ඇගයිම් කමිටුව විසින් ඖෂධවල ගුණාත්මකභාවයට  අදාළ ලේඛණ පරික්ෂා නොකිරිම යන කරුණු හේතුවෙන් මිලදි ගන්නා ඖෂධ සම්බන්දයෙන් දැඩි අවදානමක් පැවතිබව විගණනය මගින් අනාවරණය කොට තිබුණි.සෞඛ්‍ය බලධාරින් විසින් රෝගින්ගේ ජිවිත ගැන තුට්ටුවකටවත් මායිම් නොකොට  මුදල් කුට්ටු මත සියල්ල තින්දුකොට තිබුණි. මෙම තත්තවය නිසා උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ රෝගින්ට ලබාදිමට නොහැකිව තිබු අතර ඒ නිසා සිය ජිවිත වලින් වන්දිගෙවිමට  රෝගින්ට සිදුවි තිබුණි

  ඖෂධ අවශ්‍යතාවය, ප්‍රසම්පාදනය,සැපයුම,බෙදාහැරිම හා නියාමනය  පිළිබද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විශේෂ විගණන වාර්තාවට අනුව  ඉකුත් වර්ෂය තුල (2023) රුපියල් මිලියන 2,482.12ක් වටිනා  ඖෂධ ශල්‍ය හා රසායනාගාර  ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත්විම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කොට තිබුණි.

 එමෙන්ම ඉකුත් වර්ෂය තුල  රුපියල් මිලියන 10.72 ක් වටිනා  වෛද්‍ය  සැපයිම් තත්ත්වයෙන්  අසමත්විම හේතුවෙන්  තාවකාලිකව  භාවිතය අත්හිටුවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඒ අතර අක්ෂි රෝග, පිලිකා රෝග, නිර්වින්දනය හා ප්‍රතිශක්තිකරණය සදහා  භාවිතා කරණු ලබන ඖෂධ ඇතුළුව වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත්විම නිසා භාවිතයෙන් ඉවත්කොට තිබුණි. මෙකි ඖෂධ භාවිතයෙන් පසු  රෝගින්ට අහිතකර ප්‍රතික්‍රියා ඇතිවිම,  රෝගින් මරණයට පත්විම ඇස් අන්ධභාවයට පත්විම ආදි ගැටළු  මතුවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ නිසා ගුණත්වයෙන් යුත්  ඖෂධ   රෝගින් වෙත  ලබාදිමට නොහැකිවි තිබුණි.

 රුපියල් හාරකොටිහත්ලක්ෂ,තිස්අටදහස් අටසිය දහනමයක මුදලක්  (40,738,819) වැයකොට හදිසි මිලදි ගැනිම් යටතේ ශල්‍යකර්ම වලදි නිර්වින්දනය සදහා භාවිතා කරණු ලබන ( Bupivacaine 0.5% + Glucose 8% inj.4 ml Amp.) ඖෂධයේ එන්නත්  68,750ක් වෛද්‍ය සැපයුම් අංශය මගින් මිලදි ගෙන තිබුණි. මෙකි ඖෂධය භාවිතාකිරිම නිසා  රෝගින්ට  ඇතිවු බරපතල  අහිතකර ප්‍රතික්‍රියා සැලකිල්ලට ගෙන  වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ භාවිතා කිරිම  අත්හිටුවා තිබුණි.ඒ වනවිට  මෙකි එන්නත් තොගයෙන් එන්නත්  34705ක් හෙවත් මුළු තොගයෙන්  සියයට 50ක්  රෝගින් වෙත නිකුත්කොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. කාණ්ඩ තුනකින් සමන්විත මෙකි ඖෂධ එන්නත්  වෛද්‍ය සැපයිම් අංශයට ලද දිනයේ සිට  ජාතික, මුලික,ශික්ෂණ, යන රෝහල් සහ වෙනත්  සෞඛ්‍ය ආයතන වෙත නිකුත්කර තිබුණි. මෙකි ඖෂධය භාවිත කළ පසු  එක් ගැබනි කාන්තාවක් මියගොස් තිබුණි. තවත් කාන්තාවකට ජිවිත තර්ජන ඇති වි තිබුණි. මෙකි ඖෂධ එන්නත් ඇනවුම ප්‍රදානය කොට ඇත්තේ  ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවකු නොවන සමාගමකට  ලියාපදිංචයෙන් නිදහස් කිරිමේ  සහතිකයක් ලබාගැනිමට යටත්ව බවද   විගණන වාර්තාවේ සදහන් වේ.

 එමෙන්ම අක්ෂි රෝගින් සදහා   සිදුකරණ කැටරැක්  ශල්‍යකර්මයෙන් පසු භාවිතා කරණු ලබන  ඖෂධය භාවිතා කිරිමෙන් පසු  රෝගින් ට සිදුවු බරපතල  අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන්  එම ඖෂධය භාවිතයෙන් ඉවත්කර තිබුණි. ඒවනවිට  ලැබි ඇති මුළු  ඖෂධ ඒකක 21,510ක් හෙවත්  ලැබි ඇති මුළු  ඖෂධ  තොගයෙන් සියයට 43ක්  රෝගින් සදහා  භාවිතා කොට තිබු  බවද විගණන වාර්තාවේ සදහන් වේ. මෙකි  ඖෂධය භාවිතාකිරිම හේතුවෙන්  අක්ෂි රෝහලේ රෝගින් දෙදෙනෙකු පුර්ණ අන්ධභාවයට පත්ව තිබු අතර  නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ රෝගින් 16 දෙනෙකු  ආසාත්මිකතාවයට  පත්වි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

  හදිසි මිලදි ගැනිම යටතේ මිලදිගෙන තිබු  හියුමන්  ඉම්යුනෝග්ලොබින් ( Human Immunoglobulin) නැමති ඖෂධය  ව්‍යාජ ඖෂධයකි. මෙකි ඖෂධය ස්නායු  රෝගින්ට ලබාදෙන ඖෂධයකි.  මින්  එක් එන්නතක් ඇමරිකානු ඩොලර් 130 බැගින්  එන්නත් 22,500ක්  ඇමරිකානු ඩොලර් 2,925,000ක වටිනාකමට සැපයිම සදහා හිටපු සෞඛ්‍ය  ලේකම්  විසින් පුද්ගලික සමාගමකට   ප්‍රසම්පාදනය ලබාදි තිබුණි.සැපයුම්කරු විසින් 2023 වර්ෂයේ මැයි මස සිට සැප්තැම්බර් දක්වා කාලය තුලදි එන්නත් කුප්පි 22500න්  රුපියල් මිලියන 168.86 ක් වටිනා  එන්නත් කුප්පි  3985ක්    වෛද්‍ය සැපයුම් අංශය වෙත සපයා තිබුණි. වෛද්‍ය සැපයුම් අංශය විසින් සැපයුම්කරුයට රුපියල් මිලියන 36.38ක මුදලක්  ගෙවා තිබුණි. ඒ වනවිට වෛද්‍ය සැපයුම් අංශය සදහා ලැබි තිබු සියලුම එන්නත් කුප්පි  2023 වර්ෂයේ මැයි මස 30 වැනිදින සිට  ජාතික,ශික්ෂණ, පළාත්,හා ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශ වෙත නිකුත්කොට තිබුණි. කෙසේවුවද මෙකි ඖෂධය රෝගින් විසින් භාවිතා කිරිමෙන් පසු  කොළඹ,මහනුවර, ජාතික රෝහල්වල හා මාතර හා මාතලේ දිස්ත්‍රික් මහරෝහල්වලින් මෙකි ඖෂධය ලබාගත් රෝගින්ට  බරපතල අහිතකර ප්‍රතික්‍රියා ඇතිව තිබුණි. මේ පිළිබද ජාතික ඖෂධ නියාමන අධිකාරියට ද වාර්තා වි තිබුණි. මෙකි ඖෂධය  වෙනුවෙන්  ඖෂධ නියාමන අධිකාරිය විසින් ලියාපදිංචි සහතිකයක් හෝ ලියාපදිංචිය නිදහස් කිරිමේ සහතිකයක්  නිකුත්කර නොමැති බවට අනාවරණය විය. ආරක්ෂිත ක්‍රම වේදයක් වශයෙන් මෙකි සැපයුම්කරු විසින් සපයනු ලැබු මුළු ඖෂධ තොගයම  භාවිතයෙන් ඉවත් කිරිමට ඖෂධ නියාමන අධිකාරිය මගින් කටයුතු කර තිබුණි.

 මෙකි ඖෂධ ගණුදෙනුව මත බරපතල වංචා මෙන්ම අපරාධමය කාරණා ද සිදුවි තිබේ. සැපයුම්කරු විසින්ලංසු ලියවිලිවල මිල ලේඛනය තුල  මෙකි ඖෂධය  ඉන්දියානු ඖෂධයක් බවත්  නිෂ්පාදක ඉන්දියවේ බවත් සදහන් කොට තිබුණි. කෙසේවුවද මේ පිළිබද ඇගයිම් කමිටුවේ අවධානය යොමුවි නොතිබුණි. මෙය ව්‍යාජ ඖෂධයක් බවත්  එම  ඖෂධ ඇසුරුමේ සදහන් සමාගම විසින්  මෙකි ඖෂධය නිෂ්පාදනය හො සැපයිම නොකළ බවට ඖෂධ නියාමන අධිකාරිය විසින් අනාවරණය කරගෙත තිබුණි. ඒ අනුව අදාල සැපයුම්කාර සමාගම විසින්  මෙකි ඖෂධයේ දේශිය නියෝජිතයා  ලෙස කටයුතු කරණ බවට  ව්‍යාජ ලෙස  දක්වා තිබුණි. සැපයුම්කාර සමාගම විසින් වංචා සහගත ලෙස  ඖෂධයේ නිෂ්පාදකයා ලෙස  ඉන්දියානු සමාගමක නම සදහන් කොට මෙකි ඖෂධය ආනයනය කරණ බවට  හුවාදැක්විමට උත්සාහ කරණු ලැබිය. මෙවැනි ඖෂධයක් සැපයුම්කාර සමාගම විසින් ආනයනය කොට නොමැති බවට රේගුව  විසින් තහවුරුකොට තිබුණි. මෙම ව්‍යාජ ඖෂධය  වෛද්‍ය සැපයුම් අංශයට ලබාදෙන විටත්  පුද්ගලයින් දෙදෙනෙකු සැපයුම්කාර සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරමින් සිටියහ.

 ඒ වනවිට රෝහල් වෙත නිකුත්කොට තිබු මෙකි ව්‍යාජ ඖෂධ කුප්පි   තොගයෙන් කුප්පි 1732ක් හෙවත් සියයට 57ක් රෝගින් වෙත නිකුත්කොට  ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි. රෝහල් 28කින් ලද තොරතුරුවලට අනුව ඒ වනවිට මෙකි ඖෂධය රෝගින් 87 දෙනෙකු වෙත ලබා දි තිබු අතර රෝගින් 09 දෙනෙකුට බරපතල අහිතකර ප්‍රතික්‍රියා  ඇතිවි තිබුණි. මෙකි ඖෂධය  රුධිර ප්ලස්මා භාවිතයෙන්  නිෂ්පාදනය කරණු ලබන ඖෂධයකි. මෙකි ඖෂධය සම්මත  තත්තව පාලනයක් යටතේ  නිෂ්පාදනය නොවුනහොත්  එච්.අයි.වි.හෙපටයිටිස්,බි හා සි  ආදි අසාධිත තත්වයන්ට  රෝගින්ට මුහුණ දිමට සිදුවන බවට විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශකොට තිබුණි.

 අනික් ව්‍යාජ ඖෂධය වන්නේ පිලිකා රෝගින්ට ලබාදෙන රිටොක්සි මැප් නැමති  ( Rituximab inj.500mg)  ඖෂධයයි. මෙකි ඖෂධය ප්‍රමිතියෙන් තොර   එකක් වන අතර මනුෂ්‍ය ශරිරයකට  ළං කිරිමටත් සුදුසුනැති ඖෂධයක්  බවට හදුනාගෙන තිබුණි.මෙකි ඖෂධය ද සපයා තිබුණේ අප මිට පෙර සදහන් කළ සැපයුම්කාර සමාගම විසිනි. මෙකි එක් එන්නතක් හදිසි මිලදි ගැනිම යටතේ  එකි සමාගමෙන්  මිලදි ගෙන තිබුණේ  ඇමරිකානු ඩොලර් 152ක් වැනි ඉහල මිලක් යටතේය. මෙකි ඖෂධය සාමාන්‍ය මිලට වඩා  සියයට 254ක ඉහල මිලකට මිලදි ගෙන තිබු බව විගණන වාර්තාවේ සදහන් වේ. මෙකි ඖෂධය හදිසි මිලදි ගැනිම යටතේ මිලදි ගැනිමට අවශ්‍යතාවයක් නොතිබුණි. එහෙත් කොමිස් කුට්ටිවලට වහවැටි ඇති  ඇතැම් නිලධාරින්  රෝගි ජිවිත ගැන තුට්ටුවකට ද  මායිම් නොකරමින්  ඖෂධ මිලදි ගැනිමේ ජාවාරම කරගෙන ගොස් තිබුණි. මෙකි අනාර්ථික ගණුදෙනුව මගින් රජයට සිදුවි ඇති පාඩුව  ආසන්න වශයෙන්  හයකෝටි පනස්තුන් ලක්ෂ,පනස්දහස් තුන්සිය හතලිස් දෙකකි (65,350,342) ගුණත්වය ආරක්ෂාව, තහවුරු නොකරණ ලද ඖෂධයක්  මෙරටට ආනයනය කිරිම සදහා  සෞඛ්‍ය බලධාරින් විසින් අදාල සමාගමට ලබා දි ඇත්තේ විශාල තල්ලුවකි. සැපයුම්කාර සමාගම විසින් මෙකි ඖෂධය ද සපයා ඇත්තේ ව්‍යාජ සහතික ඉදරිපත්කරමිනි. මෙකි ඖෂධයේ එන්නත් කුප්පි 104ක් රෝගින් වෙන නිකුත්කොට තිබුණි.

Ceftriaxone for inj.1g vial නැමති ප්‍රතිජිවක ඖෂධය  භාවිතා කිරිමෙන් පසු  රෝගි ජිවිත දෙකක් අහිමි වි තිබුණි. මෙකි ප්‍රතිජිවක ඖෂධයේ එන්නත් විසිඑක්ලක්ෂයක් මිලදි ගෙන තිබු අතර ඒම එන්නත් තොගයේ වටිනාකම  රුපියල් හත්කෝටි පනස්නමලක්ෂ,පනස්නමදහස් හත්සිය අනුදෙකකි. (75,959,792)  ඉකුත් වර්ෂයේ මාර්තු මාසයේ දි මෙකි එන්නත්වලින්  හත්ලක්ෂයක තොගයක් ලැබි තිබුණි. මෙකි ප්‍රතිජිවක  එන්නත් තොගය බෙදාහැරිමෙන් පසු  පේරාදෙණිය හා කැගල්ල යන ශික්ෂණ රෝහල්වල  මරණ 02ක් වාර්තා වි තිබුණි. මෙකි ඖෂධය භාවිතා කිරිමෙන් පසු  කොළඹ, මහනුවර ජාතික රෝහල්වල මෙන්ම ගම්පහ, කඹුරුපිටිය,මිගමුව, හා කරනවැල්ල ආදි රෝහල්වල  රෝගින්ට විවිධ අසාත්මකතා ඇතිවි තිබුණි. පේරාදෙණිය  රෝහලේ මරණයට පත්  රෝගි තරුණියට භාවිතා කළ මෙකි ඖෂධ කාණ්ඩයේ සාම්බපල්  රසායනාගාරය වෙත යැවිමට පේරාදෙණිය රෝහල මගින් කටයුතු කර නොතිබුණි.

රිටොක්සි මැප් නැමති  ( Rituximab inj.500mg)  ඖෂධය සහ හියුමන්  ඉම්යුනෝග්ලොබින් ( Human Immunoglobulin)  ඖෂධය ඇතුළු  ඖෂධ පහක ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දි  හා ඖෂධ තොග සැපයිමේ දි  සැපයුම්කරු විසින් සිදුකරණු ලැබු වංචා සහගත ක්‍රියා  හේතුවෙන්  රෝගි ජිවිත බරපතල අවදානමකට ලක්ව තිබුණි. ඉම්යුනෝග්ලොබින් ( Human Immunoglobulin)  ඖෂධය  ඇතුළු අනිකුත්  ඖෂධ සදහා අභිලාෂ කැදවිමේ හා  ප්‍රසම්පාදනයන් සිදුකිරිමේ දි  අමාත්‍ය මණ්ඩල තිරණ අභිබවා  කටයුතු කර තිබුණි.ඒ විතරක් නොව  තාක්ෂණික  ඇගයිම් නිසි පරිදි සිදුනොකිරිම,සැපයුම්කරුවන්ට වාසිසහගත වන ලෙස නිර් දේශ ලබාදිම, ව්‍යාජ ඖෂධ දෙකක් වෙනුවෙන් ගෙවිම් කිරිමේ දි ප්‍රමුඛත්වය ලබාදිමට සෞඛ්‍ය බලධාරින් විසින් කටයුතු කර තිබුණි.

 ඒ විතරක් නොව වෛද්‍ය  සැපයිම් අංශය  විසින්   සපයාගෙන තිබු වෛද්‍ය  සැපයිම්    තත්ත්වයෙන් අසමත් වු පසු  අදාළ සැපයුම්කරුවන්ගෙන්  නිසි පරිදි මුදල් අයකරගෙන නොතිබුණි. එමෙන්ම අයකරගත යුතු මුදල ගිණුම්ගත කිරිමට ද කටයුතු කර නොතිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත. තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයිම් වෙනුවෙන් ඉකුත් වර්ෂය තුල රුපියල් මිලියන 1663 මුදලක්  වෛද්‍ය සැපයුම් අංශය විසින් අදාල සැපයුම්කරුවන්ගෙන්  අයකරගෙන නොතිබුණි. රාජ්‍ය  ඖෂධ නිතිගත සංස්ථාව විසින් තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයිම් වෙනුවෙන්  සැපයුම්කරුවන්ගෙන් අයකරගත යුතු මුදල රුපියල් මිලියන 1,406.48 කි.එම මුදල මේ වනතෙක්  ඖෂධ නිතිගත සංස්ථාව විසින් අයකරගෙන නොතිබුණි. ඉන් රුපියල් මිලියන 685.68ක්  වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයිම් සම්බන්දයෙන්  නිති ක්‍රියාමාර්ග  ගෙන තිබු අතර  රුපියල් මිලියන 165.80ක් වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයිම් සම්බන්දයෙන්  සෞඛ්‍ය ලේකම්ගේ උපදෙස් මත ක්‍රියාකිරිම  අත්හිටුවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

  එමෙන්ම  ඖෂධ සැපයිම ප්‍රමාදවිම මත  දඩ ගාස්තුවක් සැපයුම්කරුගෙන් අයකරගතයුතුය. එහෙත් හිටපු සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කොට තිබු ලිපියකට අනුව  ප්‍රමාදවිම මත පනවා තිබු දඩ ගාස්තු නිදහස් කොට තිබුණි. මේ නිසා සැපයුම්කරුවන් විසින් ඖෂධ සැපයිම ප්‍රමාද කිරිම සම්බන්දව  කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට නොහැකිවි තිබුණි. ඖෂධ හිග තාවය මත  අධික මිල ගණන්වලට හදිසි මිලදි ගැනිම් සිදුකොට තිබුනි. එහෙත් නියමිත කාලය තුල එම ඖෂධ  නොසැපයිමෙන්  රජයට රුපියල් මිලියන 155.595ක දඩ මුදලක් අහිමිවි තිබුණි.

ප්‍රසම්පාදන අවස්ථාවෙ දි  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  ලියාපදිංචි සහතිකයක් නොමැති  සැපයුම්කරුවන්ට  ලියාපදිංචියෙන් නිදහස් කිරිමේ ලිපියක් නිකුත් කොට තිබුණි. මෙකි සැපයුම්කරුවන්ගේ  සුදුසුකම් හා ඖෂධයේ තත්ත්වය පිළිබද  පරික්ෂා කිරිමකින් තොරව  ඖෂධ සැපයිමට පහසුකම් ලබාදෙන බැවින්  ඖෂධවල තත්ත්වය පිළිබද  දැඩි අවධානමක් ඇතිවි තිබුණි.ලියාපදිංචියෙන්  නිදහස් කිරිමේ අනුමැතිය යටතේ  මෙරටට ආනයනය කරණු ලැබු ඖෂධවල ගුණත්වය පිළිබද  ගැටඵ ඇතිවිම මත 2019 වර්ෂයේ සිට 2023 දක්වා කාලය තුල අවස්ථා 26 කදි ඖෂධ භාවිතයෙන් ඉවත්කිරිම, භාවිතය  තාවකාලිකව අත්හිටුවිම,  සිදුකොට තිබුණි. 

ඖෂධ ආනයනකරුවන් 30 දෙනෙකු වෙත  2022  වර්ෂයේ ජනවාරි මස සිට 2023 ජුනි දක්වා කාලය තුල ලියාපදිංචි නිදහස්කිරිමේ ලිපි 306ක් නිකුත්කොට තිබුණි. ආරක්ෂාකාරි හා නිවරදි තත්ත්වයෙන් යුතු  ඖෂධ මහජනතාව  වෙත ලබාදෙන බවට සහතික විම ඖෂධ නියාමන අධිකාරියේ වගකිමකි.එහෙත්  ඖෂධ නියාමන අධිකාරිය එම වගකිමෙන් කරහැර තිබුණි. අනික් කාරණය වන්නේ ලියාපදිංචියෙන් නිදහස් කිරිමේ ලිපි යටතේ මෙරටට ආනයනය කරණු ලබන ඖෂධවල ගුණත්වය, ආරක්ෂාව, පිළිබද වගකිම කිසිදු පාර්ශවයක් විසින්  භාරනොගන්නා වාතාවරණයක් නිර්මානය වි තිබුණි.

 ඒ විතරක්  නොව  සාම්පල් පරික්ෂාවකින් තොරව  ඖෂධ ලියපදිංචිකොට තිබුණි. මේ නිසා  ගුණත්වය, ආරක්ෂාව පිළිබද තහවුරුවක් නොමැති ඖෂධ  රට තුළට ආනයනය කිරිමේ අවධානමක්  පැවතුණි. එමෙන්ම ඖෂධවල ගුණත්වය පිළිබද  ගැටළු ඇති බව අනාවරණය කරගන්නා අවස්ථාව වනවිටත්  එම ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක්  රෝගින් සදහා භාවිතාකොට ඇති බව විගණනයේ දි නිරික්ෂණය විය. ඖෂධවල  පැවති ගැටළුකාරි තත්ත්වය හේතුවෙන් 2023 වර්ෂයේ මුල්මාස 10 තුලදි  භාවිතයෙන් ඉවත්කොට ඇති ඖෂධ  වර්ග සංඛ්‍යාව 23කි.භාවිතය තාවකාලිකව අත්හිටවු ඖෂධ වර්ග සංඛ්‍යාව 17කි.

 ඖෂධ රෝහල්වලට  බෙදාහැරිමට පෙර  ඖෂධවල තත්ත්වය පරික්ෂා කිරිමේ යාන්ත්‍රනයක්  ක්‍රියාත්මක කරණ ලෙසට  වසර 06කට වැඩි කාලයක සිට විගණනය  මගින් කළමණාකරණය වෙත දැනුම් දි තිබුණි. එහෙත් මේ දක්වා ඒ සදහා ප්‍රමාණවත් පියවර  නොගැනිම හේතුවෙන්  තත්වයෙන් අසමත් ඖෂධ  රෝගින්ට නිකුත් කිරිම  අවමකරගැනිමට නොහැකිවි ඇත.

 එමෙන්ම ඖෂධ 11කට අදාලව  සමස්ත තොරතුරු පරිශිලනය කිරිමකින් තොරව  හදිසි මිලදි ගැනිම සදහා යොමුවිම හේතුවෙන්  රජයට රුපියල් හැත්තැකෝටි, අනුඑක්ලක්ෂ,හතලිස්නම දහස්,අනුනමයක අතිරේඛ පිරිවැයක්  (709,149,099) දැරිමට සිදුවි තිබුණි. මේ පිළිබද විමර්ශනයක් සිදුකර ඒ සදහා වගකිවයුතු අය හදුනාගෙන   හදිසි මිලදි ගැනිම සදහා වැයවු අතිරේඛ මුදල  ආපසු අයකරගතයුතු බවට විගණනය මගින් නිර් දේශකොට ඇත.

 ඖෂධ  මිලදි ගැනිමේ ප්‍රසම්පාදන කටයුතු සිදුකොට ඇත්තේ ද අන්ත දුෂිත ආකාරයෙනි. ඖෂධ වර්ග 04කට අදාලව  ප්‍රසම්පාදන කටයුතු අවසන් වෙමින් පැවතුණි. එහෙත් එකි ඇණවුම් අවලංගු කර   දේශිය ඖෂධ නිෂ්පාදකයින් වෙත යොමුවිම හේතුවෙන්  රජයට රුපියල් දාසය කෝටි,හැත්තැහත්ලක්ෂ,දාහත්දහස් නමසිය තිස්පහක (167,717,935) අතිරේඛ පිරිවැයක් දැරිමට සිදුවි තිබුණි.

සටහන – ලලිත් චාමින්ද


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *