Loading...

උතුරේ ලෝන් බිල්ලෝ

ගෙවී ගිය වසර තුනක කාලය තුලදී උතුරු නැගෙනහිර සිදු වූ සියදිවි හානි කරගැනීම් 62 ක් වෙද්දි ඉන් 54 දෙනෙකුම කාන්තාවන් බවට උතුරු නැගෙනහිර කාන්තා එකමුතුව විසින් පෙන්වා දෙයි.

 සියදිවි හානිකරගැනීම් කුමනාකාරයෙන් සිදුවුවද එහි සැඟවුනු හේතූන් පිළිබඳව ගවේෂණය කිරීමේදී 90% කට වැඩි ප්‍රමාණයක් අනාවරනය වී ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාව මුලාවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ගන් ලබා දුන් නය මුදල් හෝ පොලී මුදල් ගෙවීමට නොහැකි වීම මත මිනිසුන් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවටය.

 එහි බරපතල තත්වය කොතෙක්දැයි පෙන්වීමේදී රුපියල් 5000 ක් වැනි මුදලක් ගෙවීමට හෝ නොහැකිව දරුවන් තිදෙනා සමග මවක් ළිඳට පැන සිය දිවි හානි කරගැනීමේ තත්වයක් උදාවීමය.

වරද කරුවන්ට නීතියෙන් ගැලවීමට හැකි අයුරින් මූල්‍ය ආයතන මගින් ඇප හා කොන්දේසි ඉදිරිපත් කිරීමය අනෙක් බරපතල තත්වය නම් ණය කරුවන් විසින් 40% සිට 220% ක් දක්වා වූ අධික පොලී මුදලකට ණය ලබා ගැනීමය. 

අද වන විට උතුරරේ බොහෝ දෙනෙකුට පොදු නාමයක් පට බැඳී ඇත ඒ බිල්ලා යන නාමයයි. බිල්ලා යනු ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් මගින් ණය මුදල් හා පොලී මුදල් එකතු කිරීමට පිටත් කරන පිරිසකී ඔවුන් දැක්ක සැනින් කුඩා දරුවන්ද අම්මේ තාත්තේ බිල්ලා යනුවෙන් හැඳින්වීමට තරම් හුරු පුරුදුව සිටිති. 

‘අතීතයේ කුඩා දරුවෙකුට ඕං බිල්ලා එනවා යනුවෙන් තම දරුවන් යම් ග්‍රහනයකට ගැනීමකට දෙමාපියන් උත්සහ ගත්තේ කවදාක හෝ දැක නැති ඉතා බියකරු බිල්ලෙකු ගැන කියා දරුවන් පාලනයට ගත්තද දැන් දැන් ඒ බිල්ලා දරුවන්ටද දැක ගැනීමට හැකිව ඇත.

 එදා කියූ පරිදිම මේ බිල්ලන් දැන් ලෝන් බිල්ලන් වශයෙන් පටබැඳී ඇත. ඔවුන්ගේ බියකරු බවට දැන් දැන් කුඩා දරුවන්ට වුවද වැටහී ඇත්තේ ලෝන් බිල්ලා නිවසට පැමිණ ගිය විට පවුලේ ඇති වන නොසන්සුන් තාවයන් හා අඩදබරයන් නිසාය.

නමුත් කුඩා දරුවන්ටද වටහා ගැනීමට නොහැක්කේ සිත් ඇදගන්නා සුලු අයුරින් මුහුණ පුරා සිනහවත් සමග නිවසට ඇතුලු වන මේ මූල්‍ය ආයතන වල සාමාජිකයින් (බිල්ලා) නිවසෙන් පිටවූ සැනින් නිවසෙ සිදු වන අවුල් සහගත තත්වය හේතුවෙනි.

යුද සමයේ හෝ යුද්දයට පෙර මෙකී ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් උතුරු නැගෙනහිර දකින්නට නොලැබුනද රටේ වෙනත් පලාත්හි විවිධ නම් වලින් පෙනී සිටියහ. එකී කාලයේද ජනතාවට දැරිය නොහැකි පොලියක් සමග ණය ලබා දීම නිසා මෙම ආයතනයන්ට විවිධ පලාත්වලින් විරෝධතා ගල් මුල් ප්‍රහාර එල්ල වන්නට විය.

 නමුත් යුද්දය අවසන් වූ සැනින් මෙම මූල්‍ය ආයතනයන්හි සුභ කාලය එලඹීය සියල්ලන්ම කාක්කන් සේ උතුරු නැගෙනහිරට  පැමිණ ණය දැල එලනු ලැබුවේ හිතක් පපුවක් නැති උන් සේය. සියල්ල අහිමිව හිස් ඉඩමක් වෙතට ගිය නැවත පදිංචි වූ වැසියන්ට එදා වේල ගැට ගසා ගන්නටද බොහෝ දුක් ගැහැට විඳින්නට විය. නමුත් මේ වැසියන් වෙනුවෙන් පිහිට වීමට පැමිණි ආයතන බව හඳුන්වා පළමුව අඩු පොලියකට ණය දී පළමු වෙඩි මුරය තබන්නේ මේ වැසියන් කිසිවෙකුටත් නොදැනෙන්නටය.

කාලයාගෙ අවෑමෙන් මීට වසර දෙකහමාරකට පමණ පෙර බලලා මල්ලෙන් එලියට පැන්නේය වව්නියාව තාණ්ඩික්කුලම් ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් දරුවන් තිදෙනාද සමග ළිඳට පැන සිය දිවි හානි කර ගැනීම පලාතම කම්පා කරවූ සිදුවීමක් විය.

එම සිදුවීමත් සමග මූල්‍ය ආයතනවල ණය පොලී බරින් මිරීකී සිටින ජනතාව පිළිබඳ අනාවරනය විය. තිදරු මව මිය යාමට පෙර දිනයේ මේ ලෝන් බිල්ලෙකු (මූල්‍ය ආයතනයේ ණය මුදල් එකතු කරන තැනත්තා) පැමිණ ණය මුදල ගෙවිය යුතු දින පසු වීම නිසා ඉල්ලා ඇත නමුත් මේ මවට එම මුදල ගෙවීමට නොහැකි වීම නිසා කල් ඉල්ලුවද ඊට දින දෙකක් ලැබුනද ඉන් පසුව පොලිස් නිලධාරීන් සමග නිවසට පැමිණෙන බවට දැනුම් දීමෙනි. නමුත් ණය මුදල වී ඇත්තේ රුපියල් 5000 කි. රුපියල් පන්දහසක හදීසි අවශ්‍යතාවය නිසා තම සැමියාටද නොකියා මේ තිදරු මව අදාල මූල්‍ය ආයතනයෙන් ගෙන ඇත්තේ හදීසියට දුන් කොන්දේසී වගන්ති ඇතුලත් පත්‍රිකාද අත්සන් තබමිනි. 

මේ බව සැමියා දන්නේ බිල්ලා  නිවසට පැමිණ ගිය පුසවය. ඉන් පසුව පවුල් ආරවුල් ඇති විය. කියූ පරිදි දින දෙක ගෙවෙන්නේ සඳුදාය ඊට පෙර ඉරිදා සවස මව තම දරුවන් තිදෙනාද සමග ළිඳට පනින්නේ රුපියල් පන්දහසක් වැනි මුදලකට ජීවිත 4 ක් බිලි දීමෙනි.

පසුදා (සඳුදා) පොලීසිය පැමිණ සිද්දිය සැලවීමත් සමග අදාල මූල්‍ය ආයතනයන්හි නිලධාරීන් අතඅඩංගුවට ගැනීමට පියවර ගත්හ. නමුත් පුදුමයට කරුණ වූවේ මේ නිලධාරීන් ළිඳෙන් මළ සිරුරු ගොඩට ගැනීමටත් පෙරම අධිකරණයකට හෝ ඉදිරිපත් නොවී හේතු දක්වමින් නිදහස් වීමය.

 මළ සිරුරු ගොඩට ගත් අවස්ථාවේදී අදාල මූල්‍ය ආයතනයක නිලධාරියෙකු මළ සිරුරු හා මහෙස්ත්‍රාත් වරයා ඉදිරියේම හිතක් පපුවක් නැති අයෙකු සේ කියා සිටයේ අදාල ණය කරුගේ මුදල ආපසු පියවීමට නොහැකි වුවහොත් ණය කරුගේ ඉඩම වෙන්දේසි කොට හෝ ණය මුදල උපයා ගන්නා ලෙසට අතසන් හා ඇප ඉදිරිපත් කොට ඇති බවටයි.

 අදටද ණය ලබා දෙන ආයතන විසින් ණය දී අත්සන් කරවාගන්නා පත්‍රිකා බොහෝ දෙනෙකු නොකියවයි. බොහෝ කොන්දේසී ඇත්තේ ඉංග්‍රීසියෙනි ණය මුදල ලබා ගැනීමේ සිහියෙන් සිටින සියල්ලන් පාහේ මූල්‍ය ආයතන නිලධාරින්ගේ ෆෝරමයේ නිලධාරීන් පෙන්වන තැන් සියල්ලක්ම අත්සන් කරගෙන යන්නේ තරඟයට අත්සන් ගහන්නාක් මෙනි. ඔවුන් කිසිවක් නොකියවයි එය බරපතල කාරණාවක් සේම මූල්‍ය ආයතනයන්හි කපටිකමකි.

සියල්ල සිදුවී ණය හෝ පොලිය ලබා ගැනීමට එන විට බොහෝ දෙනෙකු දන්නේ තමන් ගිවිසුම් ගතව ඇත්තේ කොයි තරම් බරපතල කාරණාවකටද යන්න පිලිබඳවය.

මෙම බරපතල තත්වය පිළිබඳ උතුරු පලාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වරයෙකු වූ වෛද්‍ය පී.සත්‍ය ලිංගම් මහතා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.

‘යුද්දය ඉවර වූ වහාම මේ මූල්‍ය ආයතන රැසක් උතුරට පැමිණියා දැන් කොළඹට වඩා මේ ආයතන තියෙන්නේ උතුරෙයි මේ ආයතන වල වියදම් අධිකයි. ඒක පියවගන්නේ මේ අසරණ ජනතාව බිල්ලට දීල මේ අයගේ කිසිම මානුෂීය බවක් නැතුව හොඳින් හෝ නරකින් මුදල් අයකරගැනීම තමයි අරමුණ.

පසුගිය වසර දෙකහමාරක කාලය තුලදී උතුරු නැගෙනහිර ජනතාවගේන් මේ මූල්‍ය ආයතන වලට හසූ වූ පිරිස් වලින් හැට දෙදෙනෙකු ණය ගෙවාගන්න බැරිව සිය දිවි හානිකරගත්තා ඉන් 54 ක්ම කාන්තාවන් මේ පිරිසෙන් කිලිනොච්චියේ පමණක් කාන්තාවන් 29 ක්ම සියදිවි හානි කරගෙන මේ අය වැඩි වශයෙන්ම සියදිවි හානිකරගෙන තියෙන්නේ ගත් ණය මුදල දීමට නොහැකි වීම වගේම මේ මූල්‍ය ආයතනවල නිලධාරීන්ගේ හිතක් පපුවක් නැති කතා අහලා මේ මිනිස්සු අසරණයි ඉක්මනට මුදල් දැක්කහම අසරණකම නිසාම අහු වෙනවා අවසානය ජීතයෙන් වන්දි ගෙවනවා.

මෙතනදී රජයෙනුත් ලොකු අඩුවක් තිබුනා මේ මිනිස්සුන්ට අවශ්‍ය රුපියල් පන්දහස, දසදහස වගේ මුදලක් දෙන්න රාජ්‍ය අංශයේ තැනක් නැති වීම ඒ තියන තැන් වලිනුත් මේ පොඩි මුදලට ඉල්ලන ඇප මේ මිනිස්සුන්ට දෙන්න විදිහක් නැති වීම. ඉස්සරනම් සමූපකාර ග්‍රාමීය බැංකු වලින් ණය දුන්නා ඒවගේ පොලියත් අඩුයි ඒ වගේම ආණ්ඩුව මේ මූල්‍ය ආයතන ලියාපදිංචි ඒවද කියල හොයල බලන්න ඕන මිනිස්සුන්ට අසාධාරණකම් වුනාට පස්සේ තමයි පොලීසියයි මහ බැංකුවයි ඇවිල්ල කියන්නේ මේ ආයතන ලියාපදිංචි ඒවා නෙමෙයි කියලා. යනුවෙනි.

ණය මුදල් එවැනි වූ විට එයිට බැඳි ඇති පොලියද දෙවැනි නොවී ඇත.

බොහෝ විට අප රූපවාහිනියේ හෝ රේඩියොවකින් බැංකු පොලී අනුපාතයන් අසන්නට දකින්නට ඇත්තේ 20% 30% කට අඩු ප්‍රමාණයකිනි. නමුත් අසන්නට දකින්නට නොමැති හිතාගත නොහැකි පොලියක් උතුරු පලාතේ ඇති බව කිව යුතුමය. 

40% සිට 220% ක් දක්වා වූ පොලියක් ඇති බව කිවහොත් විශ්වාශ කල යුතුය. එය උතුරේ වැසියන්ට අත්විඳීමට ඇති ගිනි පොලියයි.

ලෝන් බිල්ලයි පොලී බිල්ලයි එක් වූ විට යුද්දයට මුහුණ දුන්නාට වැඩි මානසික පීඩනයක් මේ ජනතාවට විඳීමට සිදුව ඇත.මේ පොලිය වැඩි වීමට විරෝධය පා මුලතිව් නගරයේ මෙන්ම වව්නියාව නගරයෙ පැවති විරෝධතාවකට එක් වූ උතුරු නැගෙනහිර කාන්තා එකමුතුවේ සාමාජිකාවන් පිරිසක් කියා සිටියේ මෙවැන්නකි.

‘‘අපේ පලාත් වල නැවත පදිංචියට ගිය හැම කෙනාටම ගෙවල් ලැබුනේ නැහැ ඇතම් විට ගෙයක් ලැබුනත් කන්න අඳින්න විදහක් තිබුනෙ නැහැ රටේ අනිත් මිනිස්සු කොයි වදිහට කෑව ඇන්දත් අපි එදා වේල හොයගන්න පුදුම මහන්සියක් වෙන්නේ අපට රැකියා නැහැ අපේ පලාත් වල ඉන්න ජනතාවගෙන් 80% කටම වගේ ස්ථීර රැකියාවක් නැහැ ස්වයං රැකියාවක් කරලා හෝ ගේ කෑල්ලක් හදාගන්න හරි තමයි කොහෙන් හරි ණයක් ගන්න යන්නේ නමුත් රාජ්‍ය බැංකු ඇතුලු ලොකු ලොකු පෞද්ගලික බැංකු වලින් අපිට ණය දෙන්නෙ නැහැ. මොකද ඒ අය ඉල්ලන ඇප අපිට නැති නිසා ඒ නිසා තමයි ගිනි පොලියකට හරි ඔය කියන මූල්‍ය ආයතන වලින් ගන්න යන්නේ ඒ අය මුලින්ම ණය මුදල් දීල තමයි කොන්දේසි ගැන කතා කරන්නේ. ඒක ඒ අයගේ කපටිකමක් පස්සේ ඉංගීසියෙන් හදපු කොළ ගොඩක් ගෙනල්ලා අත්සන් කරන්න ඕන තැන් පෙන්නලා අත්සන් කරගන්නවා අපේ අයත් ඉක්මනින් අත්සන් කරනවා. ඉල්ලපු ණය මුදල ලැබිලනේ ණය මුදල දෙන කොට පොලිය යාන්තමට වගේ කියනව සීයයට අච්චරයි මෙච්චරයි කියලා නමුත් අපේ බොහෝ දෙනෙකුට අවුරුද්දක් ගියහම තමයි තෙරෙන්නේ ගෙවන්න තියන ණය මුදල හා පොලිය. ලක්ෂයක් ගත්තහම අවුරුද්දකට තුන්ලක්ෂ විසිදහසක් ගෙවන්න වෙලා මේව අහපු ගමන් අපේ මිනිස්සු ක්ලාන්තේ දානවා ඉතින් කොහෝමද ගෙවන්නේ ගත්තු ණය මුදලට වඩා තුන්ගුණයක් පොලී වාරිකය ගෙවන්න වෙලා.

ඉතින් මේ මිනිස්සු ගමරට අතෑරල යන්නද. කොහෙ කියල යන්නද මේ අයට බේරිලා. යුද්දෙදි උණ්ඩෙට බෝම්බෙට බේරුනත් මේ ආයතන වලින් එවන පුද්ගලයින්ගෙන් (බිල්ලෝ) බෙරෙන්න බැහැ. සමහර විට ඒ පුද්ගලයිනුත් අපේ පලාත් වල තරුණයෝම වෙනවා. මොකද ප්‍රදේශය දන්න අයනේ. මේ අයත් ආයතනයට ඕන රූකඩ විදිහට තමයි අපෙ මිනිස්සු ලගට ඇවිත් මුදල් අහන්නේ. කොහොම හරි මේ මූල්‍ය ආයතන වල පොලිය අඩුවුනේ නැත්තම් යුද්දෙට වැඩි ව්‍යසනයක් වෙන එකනම් ඒකාන්තයි.

මෙලෙසින් මූල්‍ය ආයතන ණය මුදල් නිසා මිය ගිය හැට දෙදෙනාගෙම කතා කිවහොත් එය අදහාගත නොහැකි අයුරින් සිදුවී ඇති බවනම් සත්‍යකි. මුදල් උතුරේ බොහෝ ජීවිත පාලනය කරනු ලබන බවක් පෙනී යයි.

රජයේ මැදිහත්වීමෙන් සියලු මූල්‍ය ආයතනයන්හි පොලී අනුපාතයන් අඩුකිරීමට නිවේදනය කලද බොහෝ මූල්‍ය ආයතනයන් ඉතා රහසිගතව ජනතාවට අධික පොලියකට මුදල් දීම දැඩි අවධානම් තත්වයක් උදා වී ඇත.

මුලින් කී පරිද්දෙන් උතුරේ නැවත පදිංචි වූ ජනතාවට පිහිටක් වන සේ යම් සුලු මුදලක් ඉතා අඩු පොලියකට ලැබෙන අයුරින් හෝ මේ වන විට මෙම ජනතාව වැටී සිටින අවධානම් තත්වයන්ගෙන් මුදවාගැනීමේ වැඩපිළිවලක් වගකිවයුතු බලධාරීන් විසින් දියත් කරන්නේ නම් බොහෝ පිටුවහලක් වනවා ඇත.

බිල්ලා යනු මාරයා වී ඇති මොහොතක ආර්ථික අහෙනියෙන් බැටකන උතුරු නැගෙනහිර ජනතාවගේ හෙට දවස පිළිබඳව දෙවරක් සිතිය යුතු අවස්ථාවකි මෙය.

සටහන – රොමේෂ් මදුෂාන්

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *