Loading...

කිතුලටත් යුක්තිය

කිතුල් හකුරු සහ පැණි රසකාරකයක් විදියටත් ,ඖෂධයක් විදියටත් මෙරට මෙන්ම මෙහි පැමිණෙන විදේශිකයන්  අතර ද වඩාත් ප්‍රිය උපදවන්නකි.එලෙසම කිතුල් රා සදහා ද ග්‍රාමීය මටිටමේ දී මෙන්ම නගර බද සිට ගමට එන බහුතරයකගේ ප්‍රිය ජනක පානයකි .නමුත් තාල වර්ගයට අයත් පොල් ,තල් ගස් දෙකටම පැණි ,හකුරු හා රා නිෂ්පාදනය ට නැති තහන්චියක් කිතුල්  ගස ට ඇතිව තිබෙන බව ප්‍රසිද්ධියේ පැවසෙන කරුණක් වන නිසාත් ඊට හෙත්තුව කුමක්ද යන්නත් අප සොයා බැලුවෙමු.

එහිදි බහුතරයකගෙන් අසන්නට ලැබුන කතාවකි මේ.

 නුවරඑලිය කිට්ටුව මළගෙදරක ගියා. මඟ දිගට කිතුල් හකුරු හදන මිනිස්සු කිහිප දෙනෙක්ගෙන් අහලා බැලුවා බෙහෙතකට හොද හකුරු ටිකක් ගන්න. හැමෝම කියුවේ “දැන් මිනිස්සු කිතුල් හකුරු හැදිල්ල නවත්වලා. කොහේ හරි 100% කිතුල් හකුරු කියලා විකුණනවා නම් ඒක බොරුව මහත්තයෝ ගන්න එපා” . ඒ ඇයි ඇහුවාම, “කිතුල් මදින ඔක්කෝම යුක්තියෙන් අරං ගිහින් නඩු දැම්මා” කියලා තමා කියුවේ.

 පහුගිය කාලේ කිතුල් නිෂ්පාදන නංවන්න කියලා කිතුල් මැදිල්ලේ ලයිසන් අවශ්‍යතාව අයින් කරා. ඉතින් කොහොමද අත්අඩංගුවට ගන්නේ කියලා ඇහුවාම, “මල් නම් මැද්දෑකි තමා. හැබැයි නීතියේ හැටියට තෙලිජ්ජ පාරේ අරං යන්න බෑ. පාරේ හිස් මුට්ටිය අරං ගියත් බලාගෙන ඉදලා මංඩි ටිකකට හරි කුදලං යනවා මහත්තයෝ. ඉතින් අපි ගහ මුදුනේ හකුරු හදන්නැයි?” පැණි හකුරු නිෂ්පදනයේ නිරත වුහෝ පැවසුහ .

මේ පිළිබදව වෙළදපොළ කරුණු විමසීම සදහා “හකුරු සමග කහට බොමු” යනුවෙන් සදහන් කල පුවරු ඇති වෙළදසැල් කීපයකින් විමසු විට ඔවුන් පැවසුවේ, “දැන්නම් ඉතිං හොද කිතුල් හකුරු පැණි ටිකක් හොයා ගන්න එක අමාරුයී. සිනි කලවම් හකුරු පැණි තමයී ගොඩක්ම එන්නේ. ඒ ආවත් මිලයි. ඉදලා හිටලා තැනකින් හොද හකුරු පැණි ටිකක් ලැබුනොත් ගොඩක්ම මිල වැඩියී. පැණි බෝතලයක් රු 1800 ක් හකුරු රාත්තලක් රු 2500 ක් විතර වෙනවා. ඒ නිසා දැන් ගොඩක් තැන් වල හකුරු කහට නෑ .අපිත් නවත්තලා තියෙන්නේ ” යනුවෙන් .

ඉහත තත්ත්වය හමුවේ මෙරට ඉහල වටිනාකමකින් අලෙවි වන හා ස්වයං රැකායාවක් ලෙස ආදායමක් ඉපයීමෙි හැකියාවක් තිබෙන කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ට අනාගතයේ කුමක් සිදුවනු ඇති ද .මේ සදහා ඇති සැබෑ නිතිමය පසුබිම පිළිබදව ද අප සොයා බැලීමක් කලෙමු.

ඒ අනුව හැටන් සුරාබදු ස්ථානයේ ප්‍රධාන සුරාබදු පරික්ෂක එස්.ඩි සේනක සිල්වා මහතාගෙන් කල විමසීමේ දි පැවසුවේ ” ලංකාවේ තිබෙන තාල වර්ගයට අයත් ශාඛ තුනක් වන පොල් ,තල් හා කිතුල් ශාඛ වල මල මදිමින් මීරා හෙවත් තෙලිජ් නිෂ්පදෙනය කරනවා.මේ අතර පොල් සහ තල් ශාඛ වලින් පැණි ,හකුරු හෝ රා නිෂ්පාදනය ඉතා විදිමත් කර්මාන්ත විදියට කරගෙන යනු ලබන අතර එම ශාඛ නඩත්තු කිරිමේ ක්‍රමවේදයක් වගේම වගාවක් ලෙසත් ,පරිහරණය කරනු ලබන ඉඩම් වලත් තමයි බලපත්‍ර රැගෙන සිදු කරමින් පවතින්නේ.කිතුල් කර්මාන්තය සම්බන්ධයෙන් මෙරට එහෙම තත්ත්වයක් ක්‍රියාත්මක වෙන්නෑ .ගොඩක් වෙලවෙට කිතුල් ශාඛ ඉබේ හැදුන එවා  තමයී දක්නට ලැබෙන්නේ

කිතුල් ගසේ නිෂ්පාදනය කරන තෙලිජ්ජ සම්බන්ධයෙන් 1965 සැප්තැම්බර් 17 වන දින එවකට ස්දේශීය කටයුතු ඇමතිව සිටි විජයානන්ද දහනායක නිකුත් කල සුරාබදු නිවේදන 544 මගින් කිතුල් ගසින් ලබා ගන්නා නොපැසුණු රා මුළු දිවයින තුලම සුරාබදු ආඥා පනතෙන් විදි විධාන වලින් නිදහස් කර තිබෙනවා .ඒ අනුව සීමාවක් නොමැතිව මල් මදින්න පුළුවන් ඔනම කෙනෙකුට .නමුත් මේ මල් මැද්දම එන මී රා ස්වභාවික පරිසරයේ තිබෙන කොට පැහෙනවා.ඒ සදහා නිෂ්චිත කාලයක් නෑ .එතකොට පැය කීපයක් යනකොට තෙලිජ් රා බවට පත් වෙනවා .පැණි හෝ හකුරු වැනි නිෂ්පාදනයක් කරනවනම් පැහෙන්න කලින් ගන්න ඕන .නැත්තම් පැය කීපයක් ඇතුලත මහ රා බවට පත්වෙනවා .ඒ රා පුද්ගලයෙක්ට ලඟ තබා ගත හැකි සීමාවක් තියෙනවා.පැසුනු මහා රා පුද්ගලයෙකුට ලඟ තබා ගත හැකි උපරිම ලීටර් 3 යි . නැතිනම් බෝතල් 4 ක්.කිතුල් කර්මාන්තය විදිමත්ව කරන පුද්ගලයෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විදිමත් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්.සුරාබදු ආයතනයේ නිර්දෙශය සහිතව එය ලබා දෙනවා.

ඊට අමතරව කිතුල් රා ගස යට දීම විකිණිමට බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්.සුරාබදු නිවේදන 862 යටතේ 2002 නොවැම්බර් 06 දිනයේ සිට කිතුල්  රා විකිණීමට බලපත්‍රයක් ලබාගත හැකියි .ඒ සදහා කොන්දේසි කිපයක් තියෙනවා .යම් පුද්ගලයෙකු ට අයිතිය තහවුරු කරන්න පුළුවන් ගසක් විය යුතුයී.බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතුයී.ඒ වගේම ගස යට දී පමණයී අලෙවි කිරිමට බලපත්‍රයෙන් අවසර ලැබෙන්නේ “

ඒ අනුව පැණි හෝ හකුරු නිෂ්පාදනය ට බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර රා බෝතල් 4 ද පුද්ගලයෙකුට ලඟ තබා ගත හැකි මුත් අලෙවියට අවසර නැත.

එනයින් පවතින නීතියට අනුව කටයුතු කරන්නේ නම් මෙරට කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කිරිමට කිසිදු බාධාවක් නොවන අතර දිනකට මල් තුනක් මදින පුද්ගලයෙකුට රුපියල් 4500 ත් 6000 අතර ආදායමක් ලැබීමේ අවස්ථාව ද හිමිය. එහි නව ප්‍රවණතාවක් විදියට කිතුල් තෙලිජ්ජ හෙවත් මී රා ලෙසින් ලබාගෙන ඇසුරුම් කර අපනයනය කරන කර්මාන්තයක් ද ක්‍රියාත්මක වන බැවින් එයටද යහපත් කාලයක් උදා හැක . නමුත් මල් මැදිල්ල අතහැරලා දාපු ගස් මිස මදින එක ගහක් සොයා ගැනීම අපහසු කාර්යක් බවට පත්ව ඇත . යුක්තිය කෙසේ වෙතත් අවසානයේ කිතුලටත් හෙණ ගසා ඇති බව නම් පැහැදිලිය .


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *