Loading...

කිතුලෙන් බිමට වැටුණු කොත්මලේ මිනිස්සු

මෙරට සිව් දෙසටම ඉතා අනර්ඝ තත්ත්වයේ කිතුල් පැණි සහ හකුරු නිෂ්පාදනය කර සැපයුව කොත්මලේ කිතුල් කර්මාන්තය අතහැර දැමීමට සිදුවී ඇති බවත් ,යහමින් මුදල් ඉපැයු කර්මාන්තය අහිමි වීම නිසා ජීවනෝපාය සදහා දෛනික කුලියට කම්කරුවන් විමට සිදුවී ඇති බව පවසමින් එම ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නගති.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශයේ යනු මෙරට කිතුල් ආශ්‍රීත නිෂ්පාදනයේ දී ප්‍රමුඛතම ස්ථානයක තිබුණ ගම්මානක් වේ .පිරිසිදු කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනය කරමින් ජීවනෝපාය සරිකරගත් ඔවුන්ට වසර කීපයක සිට වන සත්ව හානිය නිසා ජීවන වෘත්තීය අහිමි වී ඇති බව පවසති. විශේෂයෙන්ම රිලව් සහ දඩු ලේනා විසින් කිතුල් මලට හා තෙලිජ්ජ එකතු විටම බඳින බදුන ට හානි කිරිම නිසා මල් විනාශයට ලක් වීම සිදුවේ.සාමාන්‍ය සාරවත් මලකින් දිනකට තුන්කැත්ත කැපීපෙන් තෙලිජ්ජ බෝතල් 12 ත් 20 ත් අතර ප්‍රමාණය ක් ලබා ගත හැකි බවත් දෙවරක් කැපීමෙන් තෙලිජ්ජ බෝතල් 15 ක් වත් ලබා ගැනීමට හැකිය. ඒ තුලින් පැණි බෝතල් තුනක් පමණ හා හකුරු කිලෝ එකක් සකසා ගත හැකිය .පවතින වෙලදපොළ අනුව පැණි බෝතලයක් රුපියල් 1500 ට,හකුරු කිලෝ එකක් රුපියල් 2000 ඉක්මවු මිලකටත් අලෙවි කල හැකිය .
ඒ අනුව මාසයකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ඉපයීමේ හැකියාවක් ඇති රැකියාවක් මෙම සත්ව ගහනය නිසා අහිමි වන බව ද ඔවුහු පෙන්වා දෙති .එම තත්ත්වය හමුවේ ඔවුන්ට වෙනත් කූලි රැකියාවල නිරත වීමට සිදුවී ඇති බවත් සාරවත් කිතුල් ගස් අතහැර දැමීමට සිදු වීම හා නව පරපුර මේ සදහා යොමු නොවීම නිසා කොත්මලේ ප්‍රදේශයෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ඇත්වී යන බවද ඔවුහු පෙන්වා දෙති .
දේශිය වෙළද පොල තුල රස කැවීලි සෑදිම ,අතුරුපසක් ලෙස මෙන්ම ඖෂධීය ගුණයකින් හෙබි නිසාම කිතුල් හකුරු සහ පැණි සදහා විශාල ඉල්ලුමක් පවති.විදේශිකයින් ද මේ සදහා වැඩි කැමැත්තක් දක්වන අතර සංචාරක කලාපයක් නිසා කොත්මලේ ජනතාවගේ අත මිට සරු කරන කර්මාන්තයක් වන කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ආරක්ෂා කරමින් වැඩි දියුණු කිරිමට බලධාරීන්ගේ අවධානය යොමුවී මෙම වන සතුන් පලවා හැරීමට පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටිති. මේ ඒ පිළිබදව කොත්මලේ ජනතාවගේ අදහස් 

සටහන – චන්දන ජයවීර


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *